Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ වසරේදී පැවැත්වීමට නියමිත ආසියනු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඩුබායිහිදී පැවැත්වීමට හැකිනම් ඉන්දියාවට මෙන්ම පාකිස්තානයටද එම තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව තිබෙන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි මහතා කියයි.
මෙම තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පාකිස්තානයේදී පැවැත්වීමට නියමිතය. එහෙත් ඉන්දියාව සහ පාකිස්තානය අතර වසර ගණනාවක සිට පවතින දේශපාලන අර්බුද හේතුවෙන් පකිස්තානයේදී පැවැත්වෙන තරගාවලියට සහභාගි වීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි. කෙසේ වෙතත් තරගාවලිය මධ්‍යස්ථ රටක පැවැත්වෙන්නේ නම් තරගාවලියට සහභාගි විය හැකි බව ඉන්දියාව කියයි.
“ආසියානු කුසලාන තරගාවලිය ඩුබායිහිදී තමයි පැවැත්වෙන්නේ..ඉන්දියාව වගේම පාකිස්තානයත් මෙම තරගාවලියට සහභාගි වෙනවා” යයි ඩුබායිහිදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රිකට් සභාවේ රැස්වීමකට යාමට කලින් සව්රව් ගංගුලි මහතා පැවසීය.
වසර 2013 දී එක්දින තරගාවලියක් සඳහා පාකිස්තානු පිල ඉන්දියාවට යාමෙන් පසු මේ දක්වා දෙරට අතර ද්විපාර්ශ්වික තරගාවලියක් පවත්වා නැත. කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන මතභේද උත්සන්න වීම හේතුවෙන් ඉන්දියාව මේ වන විට පාකිස්තානය සමග සියලුම ආකාරයේ ක්‍රීඩා සම්බන්ධතා නවත්වා දමා තිබේ.
..
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.