Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
මලයාසියාවේදී මෙම මස 28 - 29 යන දිනවලදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි (වයස 18 න් පහළ - බාලක) තරග සංචාරය සඳහා ක්‍රීඩකයන් 12 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් සඳහා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවෙන් අනුමැතිය ලැබී තිබේ.
ඒ පිළිබදව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා පැවැසුවේ අවසන් තේරීම් සඳහා කැඳවූ සංචිතයේ ඉතිරි ක්‍රීඩකයන් තිදෙනා ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයන් ලෙස නිර්දේශ කර තිබෙන බවයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට පරිවාර නිලධාරීන් සිවු දෙනකු ඇතුළත් කර තිබේ. මේ වන විට ශ්‍රී ලංකා රග්බි සංගමය ක්‍රියාත්මක නොවන බැවින් ඒ වෙනුවට ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තාවකාලිකව පවත්වා ගෙන යාම සඳහා නිසිබලධාරියා ලෙස පත්ව සිටින්නේ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතාය.
ඔහු පැවැසුවේ තරග සංචාරය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට සූදානම් කරමින් තිබෙන බවයි. මූලික පුහුණු සංචිතය සඳහා ආරම්භයේදී ක්‍රීඩකයන් 88 දෙනකු සභභාගිවී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.