Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු පදක්කම් ලාභියෝ ගෙදර එති
ආසියානු ක්‍රීඩා 2023

ආසියානු පදක්කම් ලාභියෝ ගෙදර එති

editorial - 2023 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(කටුනායක ටී.කේ.ජී.කපිල)

චීනයේ හංජෝ නුවරදී පැවති 19 වන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වී පදක්කම් දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසක් අද (11 වැනිදා) අලුයම දිවයිනට පැමිණියහ. 

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ යානයකින් සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපොළට පැමිණි අතර එතැන් සිට සිංගප්පූරු ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය. 

රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා පැමිණි තරුෂි කරුණාරත්න ද මෙම කණ්ඩායමට ඇතුළත් වූවාය.  ඇය තවමත් මහනුවර අධ්‍යාපන කලාපයේ, වළළ ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටින 18 හැවිරිදි ශිෂ්‍යාවකි. 

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ තරුෂි කරුණාරත්න මෙසේ පැවසුවාය .

“මම මේ තරගාවලිය පිළිබඳව ලොකු බලාපොරොත්තුවකින් හිටියෙ . මම ඒ සදහා ලොකු කැප කිරීම් කරල පුහුණු වීම් කළා . මගේ ජයග්‍රහණය පිළිබඳව මගේ අම්මට , තාත්තට , අය්යට සහ නංගිත් වගේම මගේ පාසැල , වළළ ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයටත් ස්තුති වන්ත වෙනවා“ යයි  පැවසීය . 

“මගේ ඊළඟ බලාපොරොත්තුව එළඹෙන 2024 වසරේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සදහා අවශ්‍ය සුදුසුකම් සපුරා , එම තරගාවලියට ගොස් රන් පදක්කමක් දිනා ගැනීමයි“ යයි ද තරුෂි කරුණාරත්න පැවසුවාය .


අදහස් (0)

ආසියානු පදක්කම් ලාභියෝ ගෙදර එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.