Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු මල්ලවපොර ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 2 ක්

ආසියානු මල්ලවපොර ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 2 ක්

editorial - 2022 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මොංගෝලියාවේ උලන්බතාර් නුවර දී මෙම 19 සිට 24 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු මල්ලවපොර ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු නිර්දේශ ලබා තිබේ.

මධුශංඛ ලක්මාල් වීරසූරිය හා ගයාන් කතුරංග ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් නිර්දේශ ලබා සිටින අතර ඔවුන් සමග පුහුණුකරු ලෙස එන්. ඒ. ජගත් පියරත්න මහතා ද උලන්බතාර් නුවර බලා පිටත්ව යයි.

ආසියානු ශූරතා  තරගාවලියට  සමගාමීව පැවැත්වෙන ආසියානු මල්ලවපොර සම්මේලනයේ සමුළුවට නියෝජනය කිරීම සඳහා ඒ සමගම ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා ද මොංගොලියාව බලා පිටත්ව යයි.

එළඹෙන පොදු රාජ්‍ය  මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුදානම් වීමේ අපේක්ෂාවෙන් පසුවන මෙම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මොංගෝලියාව බලා පිටත්ව යාමෙන් පසුව එහි දී ලබන ජුලි මාසය දක්වා දීර්ඝ කාලීන නේවාසික පුහුණු පාඨමාලාවක් හැදැරීමට ද නියමිතය. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පුහුණුකරුවාට ද හිමිව තිබේ.

ඔවුන් ඒ සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් මෙම අප්‍රේල් 9 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට සැලසුම් කර ඇත.

එංගලන්තයේ බර්මින්හැම් නුවර දී ජුලි 28 සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදානමින් ඔවුන් මොංගෝලියාවේ දී නේවාසික පුහුණුවීම් හදාරන්නේ අන්තර් ජාතික මල්ලවපොර සම්මේලනයේ අනුග්‍රහයෙනි. මෙම අවස්ථාවට සම්බන්ධීකරණය කර ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුව විසිනි.

මේ වනවිට අන්තර් ජාතික සම්මේලනයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවෙන් මල්ලවපොර ක්‍රීඩිකාවන් සිව් දෙනකු හංගේරියාවේ නේවාසික පුහුණු පාඨමාවක් සඳහා සහභාගිවී සිටිති. ඒ ශ්‍රී ලංකා පුහුණුකරුවෙකුද සමගය. එයද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉලක්ක කරමිනි.

ඔවුන්ගේ පළමු ගමනාන්තය වූයේ රුසියාව වුවත් පසුව එය වෙනස්කර හංගේරියාවට යොමු කෙරුණි.

 


අදහස් (0)

ආසියානු මල්ලවපොර ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.