Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇතුගල්පුර චෙස් තරගාවලිය අද සිට

ඇතුගල්පුර චෙස් තරගාවලිය අද සිට

editorial - 2024 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

නයිට් ෆ්ලේම් චෙස් ක්‍රීඩා සමාජය සංවිධානය කරන ඇතුගල්පුර චෙස් තරගාවලිය අද (20 වැනිදා) සිට 24 වැනිදා දක්වා කුරුණෑගල බ්ලූ ස්කයි හෝටලයේදී පැවැත්වේ. මෙය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලියකි. 

මෙම  තරගාවලියට දෙස් විදෙස් චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 ක් පමණ සහභාගීවීමට නියමිතය. තරගාවලියේ තරග වට සංඛ්‍යාව 10 කි.  දිනකට තරග වට දෙක බැගින් තරග වට 10 නිමාවට පත් කෙරේ. තරග වට 10 දී ලබා ගන්නා ලකුණු මත ඒ ඒ අංශවල ශූරතා, අනු ශූරතා සහ තෙවැනි ස්ථාන තෝරා ගැනේ. ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් වෙනුවෙන් ප්‍රදානය කිරීම සදහා වෙන්කෙරුණු ත්‍යාග මුදල රුපියල් ලක්ෂ විස්සකි.

තරගාවලියේ විවෘත ශූරතාව සදහා මුදලින් රුපියල් 150,000 ක් ද අනු ශූරතාව සදහා මුදලින් රුපියල් 75,000 ක් ද තෙවැනි ස්ථානය සදහා මුදලින් රුපියල් 50,000 ක් ද පිරිනැමේ.  එක් එක් ඉසව්වල 4 වැනි ස්ථානයේ සිට 16 වැනි ස්ථානය දක්වා මුදල් ත්‍යාග පිරිනැමේ.

තරගාවලියේ කාන්තා ශූරතාව සදහා මුදලින් රුපියල් 75,000 ක්ද කාන්තා අනු ශූරතාව සදහා මුදලින් රුපියල් 40,000 ක්ද කාන්තා තෙවැනි ස්ථානය සදහා මුදලින් රුපියල් 20,000 ක් ද පිරිනැමේ.
        


අදහස් (0)

ඇතුගල්පුර චෙස් තරගාවලිය අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.