Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇන්ඩසන් පළමු පෙළ කඩුලු 1000 යි

ඇන්ඩසන් පළමු පෙළ කඩුලු 1000 යි

editorial - 2021 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු පෙළ කඩුලු 1000 සම්පූර්ණ කළ පන්දු යවන්නන් අතරට එක්වීමට එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ඊයේ (5 වැනිදා) සමත්විය. ඒ අනුව පළමු පෙළ කඩුලු 1000 සම්පූර්ණ කළ 216 වැනි පන්දු යවන්නා බවට ඇන්ඩර්සන් පත්විය.

දේශීය පළමු පෙළ තරගාවලියේදී කෙන්ට් පිලට එරෙහිව මේ වනවිට පැවැත්වෙන සිව්දින තරගයේ දෙවැනි දිනයේදී ලකුණු 19 කට කඩුලු 7 ක් දවාගනිමින් මෙම කඩයිම පසුකිරීමට ඇන්ඩර්සන්ට හැකිවිය. ජේම්ස් ඇන්ඩර්සන්ගේ 1000 වෙනි කඩුල්ල ලෙස කෙන්ට් පිලේ මැද පෙළ පිතිකරු හෙයිනෝ කුහ්න් දැවී ගියේය.

21 වැනි ශතවර්ශයේ පළමු පෙළ මංගල තරගයකට සහභාගිවූ ක්‍රීඩකයකු කඩුලු 1000 සම්පූර්ණ කළ පළමු අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකාවේ පන්දු යවන්නකු වූ දිනුක හෙට්ටිආරච්චි 2019 දී කඩුලු 1000 පසු කිරීමෙන් පසුව එම ඉලක්කයට ළඟාවූ පළමු ක්‍රීඩකයා වන්නේද ඇන්ඩර්සන්ය.

වේගපන්දු යවන්නකු වූ ඇන්ඩෲ කැඩික් 2005 වසරේදී කඩුලු 1000 පසු කිරීමෙන් අනතුරුව එම දස්කම කළ එකම වේගපන්දු යවන්නා ඇන්ඩර්සන් වන අතර එංගලන්තය සහ වේල්සය වෙනුවෙන් 2007 වසරේදී රොබට් ක්‍රොෆ්ට් එම දස්කම කිරීමෙන් පසුව පළමු පෙළ කඩුලු 1000 සම්පූර්ණ කළ පළමු එංගලන්ත ක්‍රීඩකයා ලෙස ඇන්ඩර්සන් වාර්තා පොත් අතරට එක්වන්නේය.

ඇන්ඩර්සන් මේ වනවිට පළමු පෙළ කඩුලු 1002 ක් ලබාගෙන ඇති අතර ඊට ටෙස්ට් කඩුලු 617 ක් ඇතුළත් වේ. එංගලන්ත කණ්ඩායම සහභාගිවූ පළමු පෙළ පුහුණු තරග වලදී කඩුලු 44 ක්, ලැන්කෂයර් පිල වෙනුවෙන් ලබාගත් කඩුලු 339 ක් සහ ඕක්ලන්ඩ් පිල වෙනුවෙන් ලබාගත් කඩුලු 2 ක් ඔහුගේ මෙම කඩුලු 1002 ට ඇතුළත් වේ.

කෙන්ට් පිලට එරෙහිව ලකුණු 19 කට කඩුලු 7 ක් දවාගනිමින් පළමු පෙළ තරගයකදී වාර්තා කළ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ඇන්ඩර්සන් සමත් වූ අතර මින් පෙර හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වූයේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 42 කට ලබාගත් කඩුලු 7 වන්නේය.


- 2079


අදහස් (0)

ඇන්ඩසන් පළමු පෙළ කඩුලු 1000 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.