Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇන්ඩි මරේට සාධාරණ අවස්ථාවක්

ඇන්ඩි මරේට සාධාරණ අවස්ථාවක්

editorial - 2021 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුදුසුකම් නොලත් කී‍්‍රඩකයන්ට අවස්ථාවන් ලබාදෙන පංගු ක‍්‍රමය යටතේ එංගලන්ත කී‍්‍රඩක ඇන්ඩි මරේට ලබන වසරේ (2022) ජනවාරි මස පැවැත්වෙන  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ප‍්‍රධාන වටයට සහභාගි වීමේ අවස්ථාව හිමිව ඇත.

ඔහුට පංගු ක‍්‍රමය යටතේ මෙවර තරගාවලියට එක්වීමට සිදුව ඇත්තේ කොවිඞ්-19 වයිරසය ආසාදනය වීම නිසා තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වීමට නොහැකි වීම හේතුවෙනි.

පස්වරක් ඕස්ටේ‍්‍රලියානු විවෘත තරගාවලියේ අනු ශූරතාවට හිමිකම් කියා ඇති 34 හැවිරිදි මරේ, විවිධ ආබාධ තත්ත්වයන්ට ගොදුරු වීම නිසා අවසන් වරට ඊට සහභාගි වී ඇත්තේ 2019 වසරේදීය.

”නැවතත්  ඕස්ටේ‍්‍රලියානු විවෘත තරගාවලියට කී‍්‍රඩා කිරීමට ලැබීම ගැන මම හුඟක් සතුටට පත් වෙනවා.  ඕස්ටේ‍්‍රලියානු රසිකයන් ඉදිරියේ යළිත් වරක් මෙල්බර්න් උද්‍යාන කී‍්‍රඩාංගණයට පිවිසෙන්න මම නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා.” යැයි මරේ පැවසීය.

”මරේ නැවතත් ඔහුගේ සුපුරුදු සටන්කාමී තරග රටාවට අවතීර්ණ වෙමින් සිටිනවා. ඒ නිසා ලබන ජනවාරියේ මෙල්බර්න් පිටියේදී තරග වැදීම සඳහා අපි ඔහුව ඉතාමත් සතුටින් පිළිගන්නවා.” යැයි  ඕස්ටේ‍්‍රලියානු විවෘත තරගාවලියේ අධ්‍යක්ෂ ක්‍රෙග් ටිලේ මහතා කියා සිටියේය.


-036

 


අදහස් (0)

ඇන්ඩි මරේට සාධාරණ අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.