Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
රට තුළ පෙරේදා (9) දහවල් සිට ඇඳිරි නීතිය පැනවීමත් සමඟ පැවැත්වෙමින් තිබූ ප්‍රධානම තරග මාලා කීපයක්ම අත්හිටුවීමට තරග සංවිධායකයන්ට සිදුවිය.
ගාල්ල, දඩල්ල ජාතික වොලිබෝල් පියස ගෘහස්ථ පිටියේදී ඊයේ ආරම්භ වූ මන්චි කුසලාන ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපර්ලීග් තරගවටය අතරමග අත්හිටුවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පියවර ගත්තේය.
මෙම තරග මාලාව 9 වැනිදා සිට හෙට (12 වැනි බ්‍රහස්පතින්දා) දක්වා දිවයිනේ නමගිය කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් 14 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. එහි අවසන් මහ තරග හැරෙන්නට සෙසු සියලු තරග මෙම සිව් දිනයේදී පවත්වා නිමා කිරීමට සූදානමින් සිටි බව ඒ පිළිබඳව කළ විමසුමකදී වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පැවැසීය.
තරගාවලිය පෙරේදා (09) අත්හිටුවන විට කාන්තා හා පිරිමි මූලික වටයේ තරග තුනක් පමණක් පවත්වා තිබුණි. මෙම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය වී තිබේ.
එය කල් දැමීමට සිදුවූ දෙවැනි අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පෙරේදා (09) සුගතදාස පිටියේදී ආරම්භ කළ ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ඇඳිරි නීතිය පැනවීමත් සමඟ ඉසව් කීපයකට සීමා කරමින් අත්හිටුවීමට සිදුවිය.
පෙරේදා (09) දහවල් වනවිට මීටර 800, (කාන්තා හා පිරිමි) ඉසව් හා මිටිය විසිකිරීම ඉසව්හි අවසන් තරග පවත්වා නිමාකර තිබුණි. මෙම තරගාවලිය 10-11 දෙදින පැවැත්වීමට නියමිතව තිබුණි.
කොළොම්බියාවේදී ලබන අගෝස්තු 2 සිට 7 වැනිදා දක්වා පැවැත්වෙන 19 වැනි ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නිර්දේශ කර ගැනීමේ අවසන් තේරීම් තරගාවලිය ලෙසත් මෙය යොදා ගනියි.
මෙම ලෝක ශූරතා කනිෂ්ඨ තරගාවලියට දැනටමත් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනකු නිර්දේශ ලබා ගැනීමට සමත්ව සිටියි.
මේ අතර ශ්‍රී ලංකා පාපන්දු ආයතනය ලබන සිකුරාදා (13) වනවිට ආරම්භ කිරීමට සූදානම්කර තිබූ ශූරයන්ගේ තරගාවලිය දින කීපයකින් කල් දැමීමට සිදුවනු ඇතැයි ‘ලංකාදීප’ය කළ විමසුමකදී එහි සභාපති ජස්වර් උමාර් මහතා පැවැසීය.
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ රග්බි තරගාවලියේ කුසලාන හා පළඟ කාණ්ඩයන්හි ඉතිරි තරග පැවැත්වීමද තව දුරටත් කල් දැමීමට සිදුවනු ඇතැයිද මේ අතර වාර්තා වේ.
ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සංගම් ගණනාවක ප්‍රධානින් සමග ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවැසුවේ රට තුළ දැන් පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ දේශීය ක්‍රීඩා තරගාවලි ආරම්භ කිරීම හා පවත්වාගෙන යාම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.