Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇමතිගේ කැඳවීමට ක්‍රීඩා සභාවෙන් 6 යි

ඇමතිගේ කැඳවීමට ක්‍රීඩා සභාවෙන් 6 යි

editorial - 2022 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

නව ක්‍රීඩා ඇමති තේනුක විදානගමගේ මහතා සහ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් අතර ඊයේ (22 වැනිදා) පැවැති සාකච්ඡාව, ක්‍රීඩා ඇමතිවරයාද ඇතුළුව 7 දෙනකුට පමණක් සීමාවී තිබේ. මෙම සාකච්ඡාව සඳහා ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සාමාජිකයන් වන මහේල ජයවර්ධන හෝ කුමාර් සංගක්කාර යන දෙදෙනාගෙන් කිසිවකු සහභාගි වී නැත.

ජාතික ක්‍රීඩා සභාව 15 දෙනකුගෙන් සමන්විතය.

සිකුරාදා පැවැති මෙම සාකච්ඡාව සඳහා ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ ඇත්තේ තිදෙනකු පමණි. ඒ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය, යශ්වන්ත් මුත්තෙට්ටුවේගම සහ රොහාන් ප්‍රනාන්දු යන මහත්වරුන් පමණි. මේජර් ජනරාල් රාජිත අම්පෙමොහොට්ටි සහ රුවන් කෑරගල යන මහත්වරුන් දෙදෙනාත්, රොවේනා සමරසිංහ මහත්මිය අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡාවට එක්වූහ.

ක්‍රීඩා අමාත්‍යවරයාතේ ධූර කාලය අවසන්වීමත් සමගම, ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රිඩා අමාතයවරයාට උපදෙස් දීම සදහා පත්කරනු ලබන ජාතික ක්‍රීඩා සභාවේ නිලකාලත් අවසන් වෙයි. එහෙත් නව ක්‍රීඩා ඇමතිවරයා ක්‍රීඩා සභාවේ හිටපු සාමාජිකයන් සමග සාකච්ඡාවකට ඉදිරිපත් විය.

මීළඟ ජාතික ක්‍රීඩා සභාව පත්කිරීමේදී එය තමන්ගේ අභිමතයට පත් නොකර, හිටපු සාමාජිකයන් හා සාකච්ඡා කර පත්කරන බවද ක්‍රීඩා ඇමතිවරයා එම සාකච්ඡාවේදී පවසා තිබේ.

මෙම සාකච්ඡාවට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා ඇතුළු ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක්ද සහභාග වූහ.
 

 


අදහස් (0)

ඇමතිගේ කැඳවීමට ක්‍රීඩා සභාවෙන් 6 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.