Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇමරිකා - අයර්ලන්ත තරගය වැට උඩ

ඇමරිකා - අයර්ලන්ත තරගය වැට උඩ

editorial - 2021 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇමරිකා එක්සත් ජනපදය සහ අයර්ලන්තය අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තරග 3 කින් සමන්විත සීමිත ඕවර තරඟාවලියේ දෙවැනි තරගය කණ්ඩායම් දෙකෙහි එකඟතාව මත දිනකින් කල් දැමීමට එක්සත් ජනපද ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව දෙවැනි එක්දින තරගය හෙට (29 වැනිදා) පැවැත්වීමට නියමිතව ඇත.

පසුගිය 26 සහ 27 යන දිනවල පැවති පුහුණුවීම් අතරතුර සිදුකරන ලද පී.සි.ආර්. පරීක්‍ෂණ වලින් ක‍්‍රීඩකයින් කිහිප දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමගින් දෙවැනි එක්දින තරගය කල් දැමීමට සිදුවිය.

නමුත් අයර්ලන්ත සංචිතයේ සහායක කාර්ය මණ්ඩලයේ එක් සාමාජිකයෙකුට පමණක් කොරෝනා වයිරසය වැළඳී ඇති බව තහවුරු වුවද සෙසු පිරිසට මේ සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගී නැත. ඒ අනුව හෙට සිදු කිරීමට නියමිත ප‍්‍රතිදේහ පරීක්‍ෂණ තුලින් නව ආසාදිතයන් වාර්තා නොවුනහොත් තරගාවලියේ ඉතිරි තරග දෙක නිසි පරිදි පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විනිසුරුවරයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගින් දෙරට අතර පළමු එක්දින තරගය අවලංගු කිරීමට සිදුවිය. ඒ අනුව තරගාවලිය තරග 2 කට සිමාවී ඇති අතර පළමු තරගය හෙට පැවැත්වීමට නොහැකි වුවහොත් තරගාවලිය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට කණ්ඩායම් දෙකේම නිලධාරීන් එකඟවී ඇත. දෙවැනි සහ අවසන් එක්දින තරගය අනිද්දා (30 වැනිදා) පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අයර්ලන්ත කණ්ඩායම 31 වැනිදා සීමිත  ඕවර තරගාවලියක් සඳහා බටහිර ඉන්දිය කොදෙව්හි සංචාරය කිරීමට නියමිතව ඇති බැවින් 30 වැනිදායින් පසුව තරගාවලිය තවදුරටත් කල්දැමීමට නොහැකිවී ඇත.

- 2079

 


අදහස් (0)

ඇමරිකා - අයර්ලන්ත තරගය වැට උඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.