Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
මෙම වසරේදී පවත්වා අවසන් කළ යුතු ජාතික ක්‍රීඩා සංගම් 50 කට ආසන්න ජාතික ක්‍රීඩා සංගම් නිලවරණයන්ට සෘජුවම බලපාන ක්‍රීඩා රෙගුලාසි සංශෝධනයන්ට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සූදානමින් සිටින බව වාර්තාවේ.
ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් වත්මන් ක්‍රීඩා පනතේ රෙගුලාසි ගණනාවක් සංශෝධනය කරමින් ඒ සඳහා සකස් කළ කෙටුම්පතක් ක්‍රීඩා ඇමැතිවරයාගේ අධ්‍යනය සඳහා මේ වන විට යොමු කර තිබෙන බවද වාර්තාවේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් උපදෙස් ලබා ගැනීම සඳහා එය සිකුරාදා (21) පළමුවරට රැස් වන ජාතික ක්‍රීඩා සභාවේ නව නිල මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අලුතින් කෙටුම්පත් කර ඇති නව ක්‍රීඩා රෙගුලාසී මාලාවට අනුව කිසියම් ජාතික ක්‍රීඩා සංගමයක විධායක සභාවේ වසර අටක් දක්වා වන (ඇතැම් ජාතික ක්‍රීඩා සංගම්වලට අනුව නිල කාලයන් දෙකක් සපුරන) කාලසීමාවක් තුළදී එහි කුමන තනතුරු දරා සිටියත් හෝ එකී කාලය තුළදී අවම විධායක සභාවේ සභිකයකු ලෙස කටයුතු කර තිබීමත්, නැවැත ඔහුට හෝ ඇයට එකී ජාතික ක්‍රීඩා සංගමයේ විධායක සභාව නැවැත නියෝජනය කිරීම තහනම් වනු ඇත.
ජාතික ක්‍රීඩා සංගම් නිලවරණවලට සෘජුව බලපාන ක්‍රීඩා රෙගුලාසි ගණනාවක් ඒ ආකාරයෙන් සුගත් තිලකරත්න කමිටුවෙන් සංශෝධනය කර කෙටුම්පත් කර තිබෙන අතර, කෙසේවූවත් ඒ සඳහා තවදුරටත් අධ්‍යනය කර අවශ්‍ය නම් ප්‍රති සංශෝධන ඉදිරිපත් කිරීමේ අරමුණින් ඇමැති අනුමැතිය ලබාදීම ප්‍රමාද කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම වසරට නියමිත ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ රැසක් මැයි 31 වැනිදා හෝ ඊට පෙර පවත්වා අවසන් කළ යුතුව ඇත. එම තත්වය තුළ එය ඉදිරියේදී කඩිනමින් අනුමත කර ගැනීම ක්‍රීඩා අමාත්‍යාංශයේ අපේක්ෂාව වී තිබේ.
කෙසේවූවත් මෙම ගැසට් නිවේදනය ගැන ආරංචියෙන් මෙම වසරේදී පැවැත්වෙන ජාතික ක්‍රීඩා සංගම් තනතුරු සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට උනන්දුවී සිටින බොහෝ දෙනෙකු එය නිකුත්වීමෙන් පසුව පමණක් ඒ පිළිබදව තීරණයක් ගැනීමට සැරසී සිටින බවද වැඩිදුරටත් වාර්තාවේ.
දේශපාලකයන්ට ජාතික ක්‍රීඩා සංගම් තනතුරු දැරීම තහනම් කරමින් එවකට (2023) ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් ප්‍රතිසංශෝධනය කළ ක්‍රීඩා පනතේ රෙගුලාසිය නව ගැසට්ටුවෙන් ද වෙනස් නොවන බව වාර්තාවේ.
කෙසේ වුවත් ක්‍රීඩා ඇමැති ධූරය දැරූ (2022 -23) රොෂාන් රණසිංහ මහතා 2022 දෙසැම්බර් මාසයේදී ක්‍රීඩා පනතේ 31 වැනි වගන්තිය සමග කියවිය යුතු 41 වැනි වගන්තිය යටතේ හඳුන්වාදුන් රෙගුලාසි මාලාවේ සුවිශේෂී අවස්ථා යටතේ දෙශපාලකයන් වන පුද්ගලයන්ට ඇමැතිවරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගැනීමෙන් ජාතික ක්‍රීඩා සංගම් තනතුරු දැරීමේ අවස්ථාව හිමි විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.