Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇෆ්ඝනිස්තාන - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගය තවත් වසරකින්

ඇෆ්ඝනිස්තාන - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගය තවත් වසරකින්

editorial - 2020 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
 
ඇෆ්ඝනිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර මංගල ටෙස්ට් තරගය ලබන වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ඕස්ට්‍රේලියාව සත්කාරකත්වය දරන බව ඇෆ්ඝනිස්තානු ක්‍රිකට් මණ්ඩලය පැවසීය.

මෙම තරගය මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට සැලසුම්කර තිබුණද ගෝලීය වශයෙන් පැවැති කොරෝනා වයිරස් වසංගතයේ බලපෑම හේතුවෙන් ඕස්ට්‍රේලියාව තරගය කල් දමා පසුව එය පැවැත්වීමට දිනයක් තීරණය කර ඇත. ලබන වසරේ නොවැම්බරයේදී ටෙස්ට් තරගයට පැවැත්වීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුමක් ඇති නමුත් ස්ථානය තවමත් තීරණය කර නොමැති බව ඇෆ්ඝනිස්තානු ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි.

“ඕස්ට්‍රේලියාව ශක්තිමත් ටෙස්ට් කණ්ඩායමක්. නමුත් අපි ලබන වසරේ පැවැත්වෙන ටෙස්ට් තරඟයේදී ඔවුන්ට හොඳින් මුහුණ දීමට බලා සිටිනවා. අවාසනාවකට මෙන් කොරෝනා වසංගත හේතුවෙන් ටෙස්ට් තරගය ප්‍රමාද වූ නමුත් එය නැවත පැවැත්වීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා” යනුවෙන් ඇෆ්ඝනිස්තානු ක්‍රිකට් මණ්ඩලයට අලුතින් පත් කරන ලද ප්‍රධාන විධායක නිළධාරී රහ්මතුල්ලා කුරෙයිෂි මහතා පවසයි.

ඇෆ්ගනිස්ථානය 2017 වසරේදී ටෙස්ට් තත්ත්වය ලබා ගනිමින් මේ දක්වා ටෙස්ට් තරග 4 කට ක්‍රීඩා කර ඇති අතර එහිදී අයර්ලන්තයට හා බංග්ලාදේශයට එරෙහිව තරග 2 ක් ජයගෙන තිබේ.

- 2079

 


අදහස් (0)

ඇෆ්ඝනිස්තාන - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගය තවත් වසරකින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.