Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන සුපිරි ලීගයට අයත් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට සහභාගි වීම සඳහා ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මස අග භාගයේදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වීමට නියමිතය.
මෙම තරගාවලිය ලබන වසරේ (2023) පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, එම කාලවකවානුව තුළ කණ්ඩායම් දෙකම තරමක් කාර්ය බහුළ වන බැවින් මෙම තරගාවලිය මෙම වසර තුළදීම පවත්වා නිම කිරීමට දෙරටේ ක්‍රිකට් පාළක මණ්ඩල තීරණය කර තිබේ.
ඒ අනුව නොවැම්බර් මස 25, 27, සහ 30 යන දිනවලදී මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතය. ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන පළමු අවස්ථාවද මෙය වනු ඇත.
මින් පෙර එක්දින ජාත්‍යන්තර තරග 4 කදී ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය එකිනෙකාට එරෙහිව තරගවැදී ඇති අතර ඊට ආසියානු කුසලාන තරග 2 ක් සහ ලෝක කුසලාන තරග 2 ක් අයත් වේ. ඉන් තරග 3 කදී ශ්‍රී ලංකාව ජය ලබා ඇති අතර එක් තරගයක ජය ඇෆ්ඝනිස්ථානය සතුවී තිබේ.
මේ වන විට ඇෆ්ඝනිස්ථානය තරග 12 කට සහභාගි වී ඉන් 10 ක් ජයගෙන ලෝක කුසලාන සුපිරි ලීගයේ 7 වැනි ස්ථානයේ පසුවේ. ශ්‍රී ලංකාව එහි 10 වැනි ස්ථානයේ රැදී සිටින්නේ සහභාගි වූ තරග 18 කින් තරග 6 ක් ජයගනිමිනි.
සුපිරි ලීගය අවසානයේ ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 7 සහ සත්කාරක රට වන ඉන්දියාව 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබන අතර සෙසු රටවල් වලට එම තරගාවලියට සහභාගි වීම සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.