Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉක්මන් නිලවරණයකට යාමේ යෝජනාව සම්මතයි

ඉක්මන් නිලවරණයකට යාමේ යෝජනාව සම්මතයි

editorial - 2024 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ඔලිම්පික් කමිටුවේ ඊයේ රාත්‍රීයේදී (13) නිමාවට පත්වූ විශේෂ මහ සභා රැස්වීමේදී කමිටුව ඉක්මන් නිලවරණයකට යායුතු යයි ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 22 කින් සම්මත විය. එහිදී  යෝජනාවට විරුද්ධව එක් ඡන්දයක් පමණක් ඉදිරිපත් වීමෙන් එය තුනෙන් දෙකක ඡන්දයෙන් සභා සම්මතවී තිබේ.

කමිටුවේ ක්‍රීඩකයන්ගේ කමිටුවේ නියෝජිතයන් ඡන්දය දීමෙන් වැළකී තිබේ. සභාවේ අසුන් ගෙන සිටි ජාතික ක්‍රීඩා සංගම් දෙකක් ද එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී තිබේ. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය නියෝජනය කරමින් පැමිණි බව කියන එහි හිටපු ලේකම් නලින් අධිකාරිආරච්චි මහතාට සභාවට ඇතුළුවීමට අවසර ලැබී නැත.

යෝජනාව සභා  සම්මතවීමත් සමග ඒ සම්බන්ධයෙන් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ නිර්දේෂ ලබා ගැනීමෙන් පසුව ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග නිලවරණය (2024 - 28) ආසන්න වශයෙන් ලබන මාර්තු මාසය ඉක්මවීමට පෙර පවත්වා අවසන් කිරීමට කමිටුව උනන්දු වී සිටින බව එහි ප්‍රකාශකයකු ඊයේ රාත්‍රීයේදී ‘ලංකාදීප’ යට පැවසීය.

කමිටුවේ වත්මන් නිල කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන  2026 අප්‍රේල් මාසයේදී බැවින් ඊට පෙර ඉක්මන් නිලවරණයකට තමන් එකග නොවන් බව එහිදී  සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා අදාළ යෝජනාව ගෙන එමින් කියා සිටියේ ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපතිවරයා හා මහ ලේකම්වරයා අතර පැන නැගී තිබෙන ආරවුලට හොදම විසඳුම වත්මන්  ව්ධායක සභාවේ නිල කාලය අවසන් කරමින් ඉක්මන් නිලවරණයකට යායුතු බවයි.

මේ අතර ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මේ වන විට පැන නැගී තිබෙන පරිපාලන ආරවුල ඉක්මනින් සමථයකට පත් කර නොගන්නේ නම් මෙරටට  තමන් ලබා දෙන අරමුදල් අත් හිටුවීමට කටයුතු කරන බවට ඊයේ නිල වශයෙන් දැනුම්දී ඇතැයිද වාර්තාවේ.


අදහස් (0)

ඉක්මන් නිලවරණයකට යාමේ යෝජනාව සම්මතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.