Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
වැරදි අඩුපාඩු හදාගනිමින් හැකි ඉක්මනින් යළිත් සුපුරුදු රිද්මයට පැමිණීමට තමා බලාපොරොත්තු වන බව ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවැනි තරගයේදීද අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය නායිකා චමරි අතපත්තු පැවසුවාය.
ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී පන්දු 11 කට මුහුණදුන් චමරි හතරේ පහරක් සමග ලකුණු 5 ක් ලබා සිටියදී දැවී ගියාය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැති තරගයේදී ඇයට හතරේ පහරක් සමග පන්දු 7 කදී ලබාගත හැකි වූයේ ලකුණු 6 ක් පමණි.
“මම තමයි කණ්ඩායමේ ඉන්න පළපුරුදුම පිතිකාරිණය. ඒත් අවසන් තරග දෙකේදිම මම වේලාසනින් දැවී ගියා. ක්‍රිකට් ක්‍රීඩාවෙදි සමහර වෙලාවට ඒ වගේ දේවල් වෙනවා. හැම තරගයකදීම ලකුණු අතරට පැමිණෙන්න මම උපරිම උත්සාහ කරනවා. ඒත් තරගයකදී දෙකෙකදී ඒක අසාර්ථක වෙනවා.” යැයි චමරි කියා සිටියාය.
එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 109 ක් පමණි. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව එක්සත් අරාබි එමීර් කණ්ඩායමට ඕවර 11 කදී හිමිවූ ඉලක්කය ලකුණු 66 ක් වුවත්, ඔවුන්ටද එහිදී කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 54 ක් පමණි.
“පිතිකාරිණියක් විදියට අපිට ඕනෑම ආකාරයක තණතිල්ලක පන්දුවට පහරදීමට හැකි විය යුතුයි. සාමාන්‍යයෙන් පන්දුවේ ඉපිලීමක් තියෙන තණතීරුවල මම හොඳින් පන්දුවට පහර දෙනවා. ඒත් මේ තණතීරුවේ පන්දුව තරමක් පහළින් එන්නේ. ඒ වගේම වේගය අඩාල වෙලා එන්නෙ. ඒ නිසා ලකුණු රැස්කරන්න තරමක් අපහසුයි.” යැයි තරගය පැවැති තණතිල්ල සම්බන්ධයෙන් චමරි පැවසුවාය.
මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය හෙට (4 වැනිදා) තායිලන්තයට එරෙහිව පැවැත්වෙන අතර ඉන් අනතුරුව 8 වැනිදා මැලේසියාව එරෙහිවද, 10 වැනිදා බංග්ලාදේශයට එරෙහිවද, 11 වැනිදා පාකිස්තානයටද එරෙහිවද ශ්‍රී ලංකාව තරග බිමට පිවිසෙනු ඇත.
“ඉදිරියෙදි අපිට තවත් තීර්ණාත්මක තරග කිහිපයක්ම තියෙනවා. කණ්ඩායමේ ඉන්න අත්දැකීම් බහුලම පිතිකාරිණිය විධියට ඒ තරගවලදී කණ්ඩායමට මගෙන් ලැබෙන්න ඕන දායකත්වය මොකක් කියලා මම දන්නවා. ඒ නිසා පෙර තරගවලදි සිදුවුණ වැරදි අඩුපාඩු හදාගෙන යළිත් ඉක්මනින්ම මගේ සුපුරුදු රිද්මයට එන්න මම බලාපොරොත්තු වෙනවා.” යැයිද චමරි සඳහන් කළාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.