Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉතාලි බලාපොරොත්තු සසළ වෙයි

ඉතාලි බලාපොරොත්තු සසළ වෙයි

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයර්ලන්තයට එරෙහිව පැවැති පාපන්දු තරගයකදී ඉතාලි පාපන්දු කණ්ඩායමේ ප‍්‍රබලතම කී‍්‍රඩකයකු වන මැද පෙළ කී‍්‍රඩක රිකාඩෝ මොන්ටොලිවෝ තුවාල ලැබීම නිසා ඉතාලියේ ලෝක කුසලාන බලාපාරොත්තු සසළ වී තිබේ.

මොන්ටොලිවෝ තුවාල ලැබීමේ සිදුවීම හේතුවෙන්, තවත් සති දෙකකින් බ‍්‍රසීලයේදී ආරම්භ වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පෙරතුව තම කණ්ඩායමේ චිත්ත ධෛර්යය ඉහළ නංවා ගැනීම ඉතාමත් අසීරු කටයුත්තක් බව ඉතාලි කණ්ඩායමේ කළමණාකරු සීසර් ප‍්‍රැන්ඬේලි මහතාද පිළිගනී.

ඉතාලිය සහ අයර්ලන්තය අතර සෙනසුරාදා පැවැති පාපන්දු තරගයේදී රිකාඩෝ මොන්ටොලිවෝගේ වම් පාදය බිඳී ගිය අතර ඔහුට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කිසිම තරගයකට කී‍්‍රඩා කළ නොහැකි වනු ඇතැයි වෛද්‍යවරු කියති.

29 හැවිරිදි මොන්ටොලිවෝ තරගයේදී ආපදාවට ලක්වූ වහාම වෛද්‍ය පරීක්‍ෂණ සඳහා රෝහලට ගෙන ගිය නමුත් අනතුරේ ස්වභාවය අනුව ශල්‍යකර්මයක් සඳහා ඔහුට මිලාන් නගරය කරා ගෙන යා යුතු යයිද වෛද්‍යවරු නිර්දේශ කළහ.

ඉතාලිය සහ අයර්ලන්තය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් තම සගයාට වූ ඇබැද්දිය නිසා ඉතාලි කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන් දැඩි කණස්සල්ලෙන් සිටින බව කළමණාකරු සීසර් ප‍්‍රැන්ඬේලි මහතා කියයි.

මොන්ටොලිවෝ තුවාල ලැබීම නිසා පිටියට පිවිසි මැද පෙළ කී‍්‍රඩක (ආදේශකයා) ඇල්බටෝ ඇකිලානිද තුවාල ලබා තරගයේ පළමු අර්ධය නිමාවීමටත් පෙර පිටියෙන් ඉවත් විය.
 
පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර ලක්සම්බර්ග් පිලට එරෙහිව ලබන සතියේදී තරග වදින ඉතාලි කණ්ඩායම මේ මස 14 වැනිදා එංගලන්තයට එරෙහිව ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයට මුහුණ දෙයි.

 


අදහස් (0)

ඉතාලි බලාපොරොත්තු සසළ වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.