Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉතිරි බලාපොරොත්තු නිමාලි අතේ

ඉතිරි බලාපොරොත්තු නිමාලි අතේ

editorial - 2021 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී මෙතෙක් තරග කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සියලු දෙනාම පළමු වටයෙන් ඔබ්බට නොගියහ. කිසියම් ශ්‍රී ලංකා ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී දෙවැනි වටයට පිවිසෙයි නම් ඒ බලාපොරොත්තු ඉතිරිව ඇත්තේ නිමාලි ලියනාරච්චි මතය. මීටර 800 කාන්තා ඉසව්වෙන් තරග කරන නිමාලි, මේ මස 30 වැනිදා සිය මූලික තරගයට ඉදිරිපත් වන්නීය. 

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින එකම මලල ක්‍රීඩිකාව වන නිමාලි ලියනආරච්චි ජාත්‍යන්තර පදක්කම් රුසක් දිනාගත් දක්ෂ මැදි දුර ක්‍රීඩිකාවකි. 1998 වසරේ සැප්තැම්බර් මස 19 වැනිදා ඇඹිලිපිටියේදී උපන් ඇය මේ වන විට 31 වැනි වියේ පසුවන්නීය.

2016 වසරේ ඉන්දියාවේ ගුවහටි නුවරදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මිටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනාගත් නිමාලි, එම තරගාවලියේ 400x4 සහාය දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගත් කණ්ඩායමේ සාමාජිකාවක්ද වූවාය. 2019 වසරේ චීනයේ වුහාන් නුවරදී පැවැති ලෝක සන්නද්ධ ක්‍රීඩා උළෙලේදී මීටර් 800 ඉසව්වේ රිදී පදක්කමක් දිනාගැනීමටද ඇය සමත් වූවාය. 2015 වසරේ චීනයේ වුහාන් නුවරදී පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 800 ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කී නිමාලි, 2017 වසරේ ඉන්දියාවේ බුබනේෂ්වර් නුවරදී පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තාය.

මීටර් 800 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවටද හිමිකම් කියන ඇය, 2016 වසරේ ‍දෝහා කටාර්හිදී පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී විනාඩි 2 යි, තත්ත්පර 04.88 ක කාලයක් වාර්තා කරමින් එම වාර්තාව පිහිටවූවාය. 2017 වසරේ දියගමදී පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී ඇය විනාඩි 2 යි, තත්ත්පර 02.58 කින් මීටර් 800 ඉසව්ව නිමා කළද, එය ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස භාර නොගැණින.

මීටර් 800 ඉසව්වට අමතරව මීටර් 400, මීටර් 1500, මීටර් 5000, මීටර් 400 කඩුලු පැන දිවීම සහ මීටර් 3000 බාධක දිවී‍ම යන ඉසව්වලින්ද ඇය ශ්‍රී ලංකා ජාතික ශූරතා දිනා ඇත. කෙසේ වුවත් මීටර් 400 සහ මීටර් 800 ඇයගේ ප්‍රධානතම ඉසව් දෙක වන්නේය.  

සැකසුම - ශානුක අරවින්ද

 


අදහස් (0)

ඉතිරි බලාපොරොත්තු නිමාලි අතේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.