Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දියාව ලකුණු 145 ක් ඉදිරියෙන්

ඉන්දියාව ලකුණු 145 ක් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ ඉන්දියාව අතර එංගලන්තයේ ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වන අද (19 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 169 ක් ලබා සිටියේය.

දිනය නිමා වන විට මුරලි විජේ (නොදැවී 59) සහ නායක මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 12) එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46 ක නොඹිදුණ සම්බන්ධාතවක් ගොඩනගමින් කඩුල්ල රැදීසිටියහ.

බෙන් ස්ටෝර්ක්ස්ගේ පන්දුවක් හමුවේ ජෝ රූට් අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 31 ක් ලබා සිටි ශිකර් ධවාන්, ඉන්දීය දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

ඉන් පසුව කි‍්‍රයාත්මක වූ ලියෑම් ප්ලන්කට්, පිට පිට පන්දු දෙකකදී ලකුණු 43 ක් ලබාසිටි චෙතේෂ්වර් පුජාරා සහ ලකුණු නොළබා සිටි ටිරාත් කෝලි පිටියෙන් ඉවත් කළේය.

පළමු ඉනිමේදී ශතකයක් රැස්කළ අජන්ක්‍යා රහනේට දෙවැනි ඉනිමේදී රැස්කරගත හැකිවූයේ ලකුණු 5 ක් පමණි. ස්ටුවර්ට් බොඞ්ගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින කී‍්‍රඩක මැට් ප‍්‍රයර් අතට උඩපන්දුවක් දෙමින් ඔහු දැවී ගියේය.

එංගලන්ත පළමු ඉනිම ලකුණු 319 ක සීමාවූ අතර එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ගැරී බැලන්ස් හතරේ පහර 15 ක් සමගින් සිය දෙවැනි ටෙස්ට් ශතකය (ලකුණු 110) රැස්කළේය.

බැලන්සගේ දැවීයෑමෙන් පසුව එංගලන්ත පිල වෙනුවෙන් ලකුණු අතරට පිවිසි එකම පිතකරුවා වූ ලියෑම් ප්ලන්කට් (ලකුණු 55), මැට් ප‍්‍රයර් (ලකුණු 23) සමග එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩ නගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ බුවනේෂ්වර් කුමාර්, ලකුණු 82 කට කඩුලූ 6 ක් දවාගනිමින් එංගලන්ත පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමීමට සමත්විය.

කාසියේ වාසිය දිනූ එංගලන්ත පිලේ නායක ඇලෙස්ටෙයාර් කුක්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිල සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූදෙනා දැවී ලකුණු 295 ක් ලබාගත්තේය.  

ඉන්දීය පිල වෙනුවෙන් හුදෙකලා ඉනිමක් කී‍්‍රඩා කළ අජන්ක්‍යා රහනේ, හයේ පහරක් සහ හතරේ පහර 15 ක් සමගින් ලකුණු 103 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 55 කට ඉන්දීය පිලේ ප‍්‍රබල පිතිකරුවන් සිව්දෙනෙකුම දවාගැනීමට සමත්වූ ජේම්ස් ඇන්ඩර්සන් එංගලන්ත පිලේ ප‍්‍රධානතම පන්දුයවන්නා බවට පත්විය.

ඉන්දියාව පළමු ඉනිම - සියලූ දෙනා දැවී 295
(මුරලි විජේ 24, චෙතේෂ්වර් පුජාරා 28, විරාත් කෝලි 25, අජන්ක්‍යා රහනේ 103, බුවනේෂ්වර් කුමාර් 36, මොහොම ඕ සාමි 19, ජේම්ස් ඇන්ඩර්සන් 60/4, බෙන් ස්ටෝර්ක්ස් 40/2, ස්ටුවර්ට් බෝඞ් 79/2)

එංගලන්තය පළමු ඉනිම - සියලූ දෙනා දැවී 319
(සැම් රොබ්සන් 17, ගැරී බැලන්ස් 110, ඉයන් බෙල් 16, මොයින් අලී 32, ලියෑම් ප්ලන්කට් 55, මැට් ප‍්‍රයර් 23, ජේම්ස් ඇන්ඩර්සන් 19, බුවනේෂ්වර් කුමාර් 82/6, රවින්ද්‍ර ජදේජා 46/2)

ඉන්දියාව දෙවැනි ඉනිම - කඩුලූ 4 දැවී 169
(මුරලි විජේ නොදැවී 59, ශිකර් ධාවාන් 31, චෙතේෂ්වර් පුජාරා 43, ලියෑම් ප්ලන්කට් 24/2)

-036

 

 


අදහස් (0)

ඉන්දියාව ලකුණු 145 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.