Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද බෙංගලූරු සිට..)
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි නවසීලන්තය පියවරක් පසුපසට ඇද දමිමින් අපරාජිතව පෙරමුණ ගැනීමට ඉන්දියාව ඉරිදා (22 වැනිදා) සමත් විය. එම තරගයට පෙර කණ්ඩායම් දෙකම තරග 4 බැගින් ජයගෙන අපරාජිතව සිටි නමුත් එහිදී ඉන්දියාව හමුවේ ලැබූ පරාජය හේතුවෙන් නවසීලන්තයේ අපරාජිත බව බිදවැටිණ.
මේ වන විට ඉන්දියාව සහභාගි වූ තරග 5 ම ජයගෙන ලකුණු 10 ක් ලබා තරගාවලිය පුරා සිය අණසක පතුරවමින් සිටියි. ඉන්දියාවට වඩා පියවරක් පසුපසින් සිටින නවසීලන්තය තරග 4 ක් ජයගෙන එක් පරාජයක් ලබා ලකුණු 8 ක් සමගින් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව ඇත. දකුණු අප්‍රිකාව ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන්නේ තරග 3 ක් ජයගෙන එක් පරාජයක් ලබමිනි.
සෙනසුරාදා (21 වැනිදා) පැවැති තරගවලදී නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 5 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකවත්, එංගලන්තයට එරෙහිව ලකුණු 229 ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකාවත් සමත්වීම සමග ප්‍රසාද ලකුණු සටහනේ පියවර 2 ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි විය. ඒ අනුව තරග 4 කට සහභාගි වෙමින් එක් ජයග්‍රහණයක් ලබා සෙසු තරග 3 පරාජයට පත්ව සිටින ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ රැදී සිටියි.
තරග 2 බැගින් ජයගෙන සිටින ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය පිළිවෙලින් එහි සිවුවැනි සහ පස්වැනි ස්ථානවල රැදී සිටිති. බංග්ලාදේශය සහ නෙදර්ලන්තය පිළිවෙලින් හයවැනි සහ හත්වැනි ස්ථානවල පසුවන්නේ එක් ජයග්‍රහණය බැගින් වාර්තා කරමිනි. දකුණු අප්‍රිකාව හමුවේ ලැබූ දැවැන්ත පරාජය හේතුවෙන් ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ සිට 9 වැනි ස්ථානය දක්වා පසුබැසීමට එංගලන්තයට සිදුවිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.