Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දීය එක්දින නායකයා ලෝකේෂ්

ඉන්දීය එක්දින නායකයා ලෝකේෂ්

editorial - 2022 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය කණ්ඩායමේ එක්දින නායක රෝහිත් ෂර්මා තවමත් අසනීපයෙන් සිටින බැවින් දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලෝකේෂ් රාහුල් වෙත පැවරී තිබේ.

සීමිත  ඕවර තරග සඳහා ඉන්දීය කණ්ඩායමේ නායකයා වශයෙන් පත්කරනු ලැබීමෙන් දින කිහිපයකට පසුව රෝහිත් ෂර්මා පාදයේ කලව පසුපස මස් පිඬුවේ අබාධයකට මුහුණ දුන්නේය.

ඉන්දිය විස්සයි-20 කණ්ඩායමේ නායකයාව සිටි විරාට් කෝලි විස්සයි-20 නායකත්වයෙන් ඉල්ලා අස්වූයේ තේරීම් කමිටු නිලධාරීන්ගේ පිටුපාමිනි. තමන් ගත් තීරණය ගැන යළි සලකා බලන්න’යි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති, සව්රව් ගංගුලි මහතා ඇතුළු සියලූම නිලධාරීන් කීවද, විරාට් තම තීරණය වෙනස් නොකළේය. පසුව ඔහුව එක්දින කණ්ඩායමේ නායකත්වයෙන්ද නෙරපා හරින ලදි.

කෙසේ වෙතත් රෝහිත් ෂර්මාගේ ආබාධය හේතුවෙන් ඔහුව සීමිත  ඕවර කණ්ඩායමෙන් ඉවත් කළ ඉන්දීය තේරීම් කමිටුව, ලෝකේෂ් රාහුල් නායකයා ලෙසත්, ජස්පී‍්‍රට් බුම්රා උප නායකයා ලෙසත් පත්කළේය. මේ වන විට 29 හැවිරිදි ලෝකේෂ් රාහුල් සහ 28 හැවිරිදි බුම්රා දෙදෙනාම ඉදිරියේදී රෝහිත් ෂර්මා සහ විරාට් කෝලි (දෙදෙනාම 33 වැනි වියේ සිටිති) වෙනුවට ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට පත්වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ඉන්දියාව සහ දකුණු අපි‍්‍රකාව අතර එක්දින තරගාවලිය මේ මස 19, 21 සහ 23 දිනවලදී පැවැත්වේ. මෙම තරගාවලිය අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ලෝක කුසලාන සුපිරි ලීගයට ඇතුළත් තරගාවලියකි.


ඉන්දීය එක්දින සංචිතය
ලෝකේෂ් රාහුල් (නායක), ජස්පී‍්‍රට් බුම්රා (උප නායක), ෂිකාර් ධවාන්, රුතුරාජ් ගයික්වාඞ්, විරාට් කෝලි, සූර්යකුමාර් යාදව්, ශි‍්‍රයාස් අයියර්, වෙන්කටේෂ් අයියර්, රිෂාබ් පාන්ට් (කඩුලූ රකින්නා), ඉෂාන් කිෂාන් (කඩුලූ රකින්නා), යුෂ්වේන්ද්‍ර චාහල්, රවිචන්ද්‍රන් අශ්වින්, වොෂිංටන් සුන්දර්, ජස්පී‍්‍රට් බුම්රා, බුවනේෂ්වර් කුමාර්, දීපාක් චහාර්, ප‍්‍රසිද් කි‍්‍රෂ්ණා, ශර්දුල් ඨාකූර් සහ මොහොමඞ් සිරාජ්

- 213

 


අදහස් (0)

ඉන්දීය එක්දින නායකයා ලෝකේෂ්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.