Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දීය ක්‍රීඩිකාවෝ පහසු ජයක් ලබති
කාන්තා ආසියානු කුසලාන - 2024

ඉන්දීය ක්‍රීඩිකාවෝ පහසු ජයක් ලබති

editorial - 2024 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස පාකිස්තාන කාන්තා පිල සහ ඉන්දීය කාන්තා පිල අතර රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 109 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩිකාවෝ ඕවර 14.1 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. ශෙෆාලි වෙර්මා පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 40 ක්ද, ස්මි්‍රති මන්දනා පන්දු 31 කදී හතරේ පහර 9 ක් සමග ලකුණු 45 ක්ද, රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායමට ඕවර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 108 ක් පමණි. පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ සිද්‍රා අමීන් පන්දු 35 කදී ලකුණු 25 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ දීප්ති ශර්මා සිය ඕවර 4 ලකුණු 20 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් අතර පාකිස්තාන කාන්තා ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඇයට අනගි සහායක් දුන් රේනුකා සිං, ශ්‍රෙයන්කා පාටිල් සහ පූජා වස්ත්‍රකාර් කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ. 


පාකිස්තාන කාන්තා පිල - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 108  
(සිද්‍රා අමීන් 25, තාබු හසන් 22, ෆාතිමා සානා නොදැවී 22, දීප්ති ශර්මා 20/3, රේනුකා සිං 14/2, ශ්‍රෙයන්කා පාටිල් 14/2, පූජා වස්ත්‍රකාර් 31/2) 

ඉන්දියාව කාන්තා පිල - ඕවර 14.1 කදී කඩුලු 3 ක් දැවී 109  
(ශෙෆාලි වෙර්මා 40, ස්මි්‍රති මන්දනා 45, දයාලන් හේමලතා 14) 

- 036 


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩිකාවෝ පහසු ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.