Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දීය ක්‍රීඩිකාවෝ පහසු ජයක් ලබති

ඉන්දීය ක්‍රීඩිකාවෝ පහසු ජයක් ලබති

editorial - 2024 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙස ඉන්දීය කාන්තා පිල සහ එක්සත් අරාබි එමීර් කාන්තා පිල අතර රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 78 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය. ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලියේදී ලැබූ දෙවැනි ජය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 202 ක ඉලක්කයක් හඹාගිය එක්සත් අරාබි එමීර් කාන්තා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 123 ක් පමණි. පිළිතුරු ඉනිමේ වැඩිම ලාභිණිය බවට පත්වූ කවීෂා එගොඩගේ පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 40 ක් රැස්කළාය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 201 ක් ලබාගත් අතර එහිදී ‍ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ රිචා ඝෝෂ් පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමග නොදැවී ලකුණු 64 ක් රැස්කළාය. නායිකා හර්මන්ප්‍රීත්‍ කෞර් පන්දු 47 කින් ලකුණු 66 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගිනි. 

 

ඉන්දීය කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 5 කට දැවී 201   
(ෂෙෆාලි වර්මා 37, හර්මන්ප්‍රීත් කෞර් 66, රීචා ඝෝෂ් නොදැවී 64, කවීෂා එගොඩගේ 36/2) 

එක්සත් අරාබි එමීර් කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 123  
(ඊෂා රෝහිත් 38, කවීෂා එගොඩගේ 40, දීප්ති ශර්මා 23/2) 


-036


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩිකාවෝ පහසු ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.