Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දීය පළමු ඉනිම 152 කට සීමාවෙයි

ඉන්දීය පළමු ඉනිම 152 කට සීමාවෙයි

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ ඉන්දියාව අතර එංගලන්තයේ  ඕල්ඞ් ට‍්‍රැෆඞ් කී‍්‍රඩාංගණයේදී අද (7 වැනිදා) ආරම්භවූ සිව්වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය සඳහා කී‍්‍රඩාව නතරකරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 113 ක් ලබා සිටියේය.

ඒ අනුව තරගයේ පළමු දිනය නිමා වන විට එංගලන්ත කණ්ඩායම කඩුලූ 7 ක් අතැතිව ඉන්දියාවට වඩා ලකුණු 39 ක් පසුපසින් සිටියේය.

අද දිනයේ තේ පානය සඳහා කී‍්‍රඩාව නතර කරන විටත් ඉන්දීය පළමු ඉනිම ලකුණු 152 කට සීමා කිරීමට එංගලන්ත පන්දුයවන්නෝ සමත් වී සිටියහ.

එංගලන්ත වේග පන්දුයවන්නන් වන ස්ටුවර්ට් බෝඞ් ලකුණු 25 කට කඩුලූ 6 ක් සහ ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 46 කට කඩුලූ 3 ක් දවාගනිමින් ඉන්දීය ඉනිම සුනුවිසුණු කර දැමූහ.

එහිදී ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් හයදෙනෙකුම ලකුණු ලබාගැනීමට පෙර ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට ඇන්ඩර්සන් සහ බෝඞ් සමත්වූහ.

පළමු ටෙස්ට් තරග තුනේදී ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු ලෙස කී‍්‍රඩා කළ ශිකර් ධවාන් වෙනුවට මෙම තරගයට කැඳවූ ගෞතම් ගම්භීර්ටද රැස්කරගත හැකිවූයේ ලකුණු 4 ක් පමණි.

ඉන්දීය පිලේ වැඩිම ලකුණු ලාභියා වූ මහේන්ද්‍ර සිං දෝනි (71), අජන්ක්‍යා රහනේ (24) සමග 5 වැනි කඩුල්ලට එක්කළ ලකුණු 54 සහ රවිචන්ද්‍රන් අෂ්වින් (40) සමග 7 වැනි කඩුල්ලට එක්කළ ලකුණු 66 නොවන්නට ඉන්දීය පිලේ තත්ත්වය මීටත් වඩා බරපතල වීමට ඉඩ තිබිණ.

කාසියේ වාසිය දිනූ ඉන්දීය පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඉන්දියාව පළමු ඉනිම  සියලූ දෙනා දැවී 152
(අජන්ක්‍යා රහනේ 24, මහේන්ද්‍ර සිං දෝනි 71, රවිචන්ද්‍රන් අෂ්වින් 40, ස්ටුවර්ට් බෝඞ් 25/6, ජේම්ස් ඇන්ඩර්සන් 46/3)

එංගලන්ත පළමු ඉනිම  කඩුලූ 3 ක් දැවී 113
(ඇලෙස්ටෙයාර් කුක් 17, ගැරී බැලන්ස් 37, ඉයන් බෙල් නොදැවී 45, වරුන් ඒරන් 26/2)

 

- 036

 


අදහස් (0)

ඉන්දීය පළමු ඉනිම 152 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.