Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දීය යොවුන් පිල අවසන් සටනට
යොවුන් ආසියානු කුසලාන

ඉන්දීය යොවුන් පිල අවසන් සටනට

editorial - 2021 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රිකට් සභාව සංවිධානය කරන යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම අද (30 වැනිදා) සමත් විය. සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශ යොවුන් කණ්ඩායම එරෙහිව ලකුණු 103 ක පහසු ජයක් වාර්තා කරමින් ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට පිවිසියහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 244 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට ඉන්දීය යොවුන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 38.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 140 ක් පමණි. රවී කුමාර්, විකී ඔස්ට්වාල්, රාජ් බාවා සහ රාජ්වර්ධන් හංගගේකර් කඩුලු 2 බැගින් දවාගනිමින් බංග්ලාදේශ යොවුන් ඉනිම සුනුවිසුණු කර දැමූහ.  

බංග්ලාදේශ යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අරිෆුල් ඉස්ලාම් පන්දු 77 කදී හතරේ පහරක් සමග ලකුණු 42 ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු මෆිජුල් ඉස්ලාම් පන්දු 23 කදී ලකුණු 26 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන් කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 243 ක් ලබාගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ෂෙයික් රෂීඩ් පන්දු 108 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 90 ක් රැස්කළේය. 

ඉන්දීය යොවුන් පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 243 
(ෂෙයික් රෂීඩ් නොදැවී 90, යෂ් ධූල් 26, රාජ් බාවා 23, විකී ඔස්ට්වවාල් නොදැවී 28, රකිබුල් හසන් 41/3) 

බංග්ලාදේශ යොවුන් පිල - ඕවර 38.2 සියලු දෙනා දැවී 140 
(මෆිජුල් ඉස්ලාම් 26, අරිෆුල් ඉස්ලාම් 42, රවී කුමාර් 22/2, විකී ඔස්ට්වාල් 25/2, රාජ් බාවා 26/2, රාජ්වර්ධන් හංගගේකර් 36/2) 

-036 


අදහස් (0)

ඉන්දීය යොවුන් පිල අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.