Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉන්දීය යොවුන් පිලට කඩුලූ 4 ක ජයක්

ඉන්දීය යොවුන් පිලට කඩුලූ 4 ක ජයක්

editorial - 2021 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කි‍්‍රකට් සම්මේලනය සංවිධානය කරන යොවුන් අසියානු කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ අද (27 වැනිදා) පැවැති තරගයකදී ඇෆ්ඝනිස්ථාන වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව කඩුලූ 4 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය වයස 19 න් පහළ කණ්ඩායම සමත් විය. ‘ඒ’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ ඉන්දියාව මූලික වටයේදී සහභාගි වූ තරග 3 න් 2 ක් ජයගෙන එම කාණ්ඩයේ දෙවැනියා ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 260 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය යොවුන් කී‍්‍රඩකයෝ පන්දු 10 ක් ඉතිරිව තිබියදී කඩුලූ 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 65 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ රාජ් බාවා (නොදැවී 43) සහ කෞෂාල් තම්බේ (නොදැවී 35) ඉන්දීය යොවුන් කණ්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු කළහ.

පන්දු 55 කදී වාර්තා බාවාගේ ඉනිම හතරේ පහර 2 කින් සමන්විත වූ අතර පන්දු 29 කදී වාර්තා වූ තම්බේගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය. හර්නූර් සිං (65) සහ අන්කි‍්‍රෂ් රගුවානිෂි (35) එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 108 කදී ලකුණු 104 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය යොවුන් කණ්ඩායමේ ජයග‍්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 74 කට මුහුණදුන් හර්නූර් හතරේ පහර 9 කින් සිය අර්ධ ශතකය සැරසුවේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථාන යොවුන් කණ්ඩායම  ඕවර 50 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 259 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ අහමඞ් අමඞ්සායි පන්දු 68 කින් නොදැවී ලකුණු 86 ක් රැස්කළේ හයේ පහර 7 ක් සහ හතරේ පහරක් සමගිනි. නායක සුලිමන් සාෆි පන්දු 86 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 73 ක් රැස්කළේය.

 
ඇෆ්ඝනිස්ථාන යොවුන් පිල -  ඕවර 50 කදී කඩුලූ 4 ක් දැවී 259
(සුලිමන් අරබ්සායි 18, මොහොමඞ් ඉෂාක් 19, අල්ලා නූර් 26, සුලිමන් සාෆි 73, අහමඞ් අහමඞ්සායි නොදැවී 86, කලිබාර් වාලි නොදැවී 20)
ඉන්දීය යොවුන් පිල -  ඕවර 50 කදී කඩුලූ 6 ක් දැවී 262
(හර්නූර් සිං 65, අන්කි‍්‍රෂ් රගුවානිෂි 35, යෂ් ධූල් 26, නිෂාන්ත් සින්ධු 19, රාජ් බාවා නොදැවී 43, කෞෂාල් තම්බේ නොදැවී 35, නූර් අහමඞ් 43/4)

-036  

 


අදහස් (0)

ඉන්දීය යොවුන් පිලට කඩුලූ 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.