Last Update  :  2025-04-22 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉම්රාන් තහීර් එක්දින පිටියට සමුදීමට තීරණය කරයි

ඉම්රාන් තහීර් එක්දින පිටියට සමුදීමට තීරණය කරයි

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලානයෙන් පසුව ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිටදඟපන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තහීර් අද (4 වැනිදා) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. තවත් දඟපන්දු යවන්නකුට අවස්ථාව ලබාදීම සඳහා තමන් මෙම තීරණය ගත්බව 39 හැවිරිදි තහීර් පැවසීය.

එක්දින තරගවලින් සමුගත්තද අවම වශයෙන් 2020 දී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය තෙක් විස්සයි20 තරග සඳහා ක්‍රීඩා කිරීමට තමන් බලාපොරොත්තු වන බව වැඩිදුරටත් තහීර් පැවසීය. ජූලී 31 වැනිදායින් ඔහුගේ කොන්ත්‍රාත් කාලය අවසන් වුවත් නිදහස් ක්‍රීඩකයකු ලෙස ඉදිරි තරගාවලිය සඳහා සහභාගීවන බව ඔහු පැවසීය.

‘සෑම අවස්ථාවකදීම ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ අවශ්‍යතාවයක්’ තමන්ට අතැයි තහීර් පැවසීය. විශිෂ්ට කණ්ඩායමක් වෙනුවෙන් මට ලැබෙන විශිෂ්ට අවස්ථාවක් ඒක. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමගින් මම දැඩි අන්‍යෝන්‍ය අවබෝධයකින් පසුවන බවත් ඒ අනුව ඉදිරියට යමින් ලෝක කුසලානයෙන් පසුව සමුගැනීමට තීරණය කළ බවත් පැවසීය.

‘එම තීරණයෙන් පසුව (සමුගැනීමේ තීරණය) ලොව පුරා පැවැත්වෙන විවිධාකාරයේ තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයෙන් අවසර හිමිවූවත් දකුණු අප්‍රිකාව වෙනුවෙන් විස්සයි20 තරගා සඳහා ක්‍රීඩා කිරීමට තමත් කැමති බවත් පැවසීය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක්දින තරග 95 කට ක්‍රීඩා කර ඇති තහීර් එහිදී කඩුලු 156 ක් දවාගෙන ඇති අතර කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 24.56 කි. එමෙන්ම ටෙස්ට් තරග 20 කදී කඩුලු 57 ක් සහ විස්සයි20 තරග 37 කදී කඩුලු 62 ක් දවාගැනීමට තහීර් සමත්වී ඇත.


අදහස් (0)

ඉම්රාන් තහීර් එක්දින පිටියට සමුදීමට තීරණය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.