Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉසව් පහක් ඉවත් කරන්න එකඟ වුණේ නෑ

ඉසව් පහක් ඉවත් කරන්න එකඟ වුණේ නෑ

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කී‍්‍රඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සමග කළ සාකච්ඡාවේදී මෝටර් රථ ඉසව් 5 ක් නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලියෙන් ඉවත් කිරීමට තම සංගමය එකඟ නොවූ බව ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමයේ සාමාජික උපුල්වන් සේරසිංහ මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

එම සාකච්ඡාවේදී තම සංගමය එකඟ වූයේ අදාල මෝටර් රථ ඉසව් 5 කළින් පවත්වා නිම කිරීමට පමණක් බවද, ඉන් අනතුරුව නුවර එළිය මාර්ග මොටර් රථ තරගාවලියට සහභාගී වීමට අවශ්‍ය තරගකරුවන්ට ඒ සඳහා පිටත්ව යාහැකි බවද උපුල්වන් මහතා පවසයි.

යතුරුපැදි සංගමය පවසන පරිදි මෝටර් රථ ඉසව් 5 ක් නරියාකන්ද තරගාවලියෙන් ඉවත් කිරීමට එකඟවූවා නම් එය තම සංගමයට දැඩි අපහසුතාවයකට පත්කරන්නක් බව පවසන උපුල්වන් මහතා, එසේ කිරීම නරියාකන්ද තරගාවලියේ එම ඉසව් වලට සහභාගී වීමට සූදානමින් සිටින මෝටර් රථ රියැදුරන්ට කරන අසාධාරණයක් බවද කියා සිටියි.

නරියාකන්ද තරගාවලියේදී උක්ත මෝටර් රථ ඉසව් 5 ට සහභාගී වීමට නියමිතව සිටින තරගකරුවන් සංඛ්‍යාව නුවර එළිය තරගාවලියට සහභාගී වන තරගකරුවන් සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි විය හැකි බවද උපුල්වන් මහතා අවධාරණය කරයි.

 


අදහස් (0)

ඉසව් පහක් ඉවත් කරන්න එකඟ වුණේ නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.