Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පළමු කොටසේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ 7 වැනි සතියේ තරග හෙට (3 වැනිදා) ආරම්භ වේ. එහි 'බී' කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම තීරණය වන තරගය කොළඹ ඉසිපතන විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර අනිද්දා (4 වැනිදා) පස්වරු 4.00 සිට හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මේ දක්වා තරග 6 කට සහභාගි වී ඇති ඉසිපතන කණ්ඩායම එම තරග 6 ම ජයගනිමින් ප්‍රසාද ලකුණු 3 ක්ද සමග මුළු ලකුණු 33 ක් ලබා 'බී' කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියි. සාන්ත තෝමස් විදුහල එහි දෙවැනි ස්ථානයේ පසුවන්නේ තරග 6 කට සහභාගි වී ඉන් තරග 5 ක් ජයගෙන එක් තරගයක් පරාජය වී ප්‍රසාද ලකුණු 4 ක් සමග මුළු ලකුණු 29 කට හිමිකම් කියමිනි.
ඒ අනුව දෙවිදුහල් අතර හෙට පැවැත්වෙන තරගය ජයගැනීමට ඉසිපතන විදුහල සමත් වුවහොත් 'බී' කාණ්ඩයේ පෙරමුණ රැකගනිමින් මූලික වටය නිමා කිරීමට අවස්ථාව හිමිවනු ඇත. එහෙත් එහිදී ඉසිපතන විදුහල පරාජය කිරීමට සාන්ත තෝමසුවන් සමත් වුවහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ පියවරක් ඉදිරියට පැමිණ 'බී' කාණ්ඩයේ පෙරමුණ ගැනීමට හැකි වනු ඇත.
එම තරගයට අමතරව 'බී' කාණ්ඩයේ තවත් තරග 3 ක් සහ 'ඒ' කාණ්ඩයේ තරග 4 ක් අද සහ සහ හෙට පැවැත්වෙන අතර ඉන් තරග 4 ක් මහනුවරදීද, 3 ක් කොළඹදීද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. තරග 6 කට සහභාගි වී එම තරග 6 ම ජයගනිමින් ප්‍රසාද ලකුණු 6 ක් සමග මුළු ලකුණු 36 ක් ලබා සිටින බම්බලපිටිය ශාන්ත පීතර විදුහල මේ වන විට 'ඒ' කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියි.
හත්වැනි සතියේ තරග කාලසටහන
'ඒ' කාණ්ඩය
■ 3 වැනිදා - මරදාන සහිරා විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පස්වරු 4.00 ට
■ 3 වැනිදා - කොළඹ රාජකීය විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 4.00 ට
■ 3 වැනිදා - මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පස්වරු 4.00 ට
■ 4 වැනිදා - මහනුවර විද්‍යාර්ථ විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පස්වරු 4.00 ට
'බී' කාණ්ඩය
■ 3 වැනිදා - මහනුවර ධර්මරාජ විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පස්වරු 4.00 ට
■ 4 වැනිදා - කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ මහනුවර ශ්‍රී සුමංගල විදුහල මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පස්වරු 4.00 ට
■ 4 වැනිදා - කොළඹ ඉසිපතන විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පස්වරු 4.00 ට
■ 4 වැනිදා - කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ ගල්කිස්ස විද්‍යා විදුහල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 4.00 ට
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.