Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉහළ කාර්යසාධක කමිටුව දිගින් දිගටම පසුවිපරමක

ඉහළ කාර්යසාධක කමිටුව දිගින් දිගටම පසුවිපරමක

නාමල් පතිරගේ - 2021 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉහළ කාර්යසාධක කමිටුව සකස් කළ ජාතික ක්‍රීඩා සැලැස්මේ ක්‍රියාකාරිත්වය පිළිබඳව තමා පෞද්ගලිකවම පසුවිපරමේ යෙදෙමින් අඩුපාඩු සකස් කරන බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන මහතා පැවසීය. එහි එහි අඩුපාඩු පෙන්වා දීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් අවස්ථාව සළසා දී තිබෙන බවත් ඔහු පැවසුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර සංගක්කාර, ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු ක්‍රීඩා සභාවේ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

මාධ්‍යවේදීන්ගේ විමසීම්වලට පිළිතුරු දෙමින් මහේල ජයවර්ධන මහතා මෙසේ ද පැවැසීය.

‘‘සභාපතිවරයා හැටියට මට වගකීමක් පැවරෙනවා ක්‍රීඩා සභාව ආරම්භ කළ මෙම ජාතික සැලැස්මෙන් මේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි ප්‍රයෝජනයක් ලැබෙනවා ද කියන එක සොයා බලන්න.“

“මේක සිව් අවුරුදු සැලැස්මක්. ඒ සඳහා වියදම් දරන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයයි. එහි ගැටලුවක් පැන නැගුණොත් ක්‍රීඩා සභාවේ මටත් සාමාජිකයන් සියලු දෙනාටත් වගකීම් බාර ගන්න වෙනවා. ඒ නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ඒ ගැන පසුවිපරම් කරලා බලන්න අපි ඉඩ දීලා තිබෙනවා.“

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර් සංගක්කාර මහතා පැවසුවේ රටේ ක්‍රිකට් පරිපාලනයේ අර්බුද විසඳීමට කුමාර් සංගක්කාර හෝ මහේල ජයවර්ධන ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වීම ප්‍රශ්නයට විසඳුමක් නොවන බවයි. මේ රටේ මහේල ජයවර්ධන හෝ කුමාර් සංගක්කාරට  විතරක් ඔය පැවරෙන වගකීමක් වෙන්නේ නෑ. ක්‍රිකට් පරිපාලනයේ සියලු පාර්ශ්වවල සාමූහික වගවීම තුළ ක්‍රිකට් පරිපාලනයේ වැරදි ගැන කතා කිරීම ඉදිරියේ අවම කරගත හැකි බවත් ඔහු එහිදී පැවසීය.

ඉහළ කාර්ය සාධක බලකාය හඳුන්වා දී තිබෙන සිව් අවුරුදු ජාතික ක්‍රීඩා සැලැස්ම යටතේ මේ මලල ක්‍රීඩා, බොක්සිං, පිහිනුම්, ජූඩෝ හා පැරා ක්‍රීඩා යන ක්‍රීඩා ඉසව් වලට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනකුට ඉහළ ප්‍රතිලාභ පිරිනමා තිබේ.  එහි අවසන් ඉලක්කය ඉදිරි සිව් අවුරුදු සැළැස්මක් තුළින් ඔලිම්පික් සුදුසුකම් දක්වා දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය කිරීම හා ඒ සඳහා ශක්තිමත් දේශීය ක්‍රීඩා යටිතල පහසුකම් සැළැස්මක් ක්‍රියාවට  නැගීමය.

මෙම මාධ්‍ය හමුව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
 
මාධ්‍ය හමුවේදී කුමාර් සංගක්කාර මහතා අදහස් දැක්වූ අයුරු. ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන මහතා ද මෙහි වේ.

 


අදහස් (0)

ඉහළ කාර්යසාධක කමිටුව දිගින් දිගටම පසුවිපරමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.