Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
උසාවියේ තීරණයන්ට ගරු කරමින් ක්‍රිකට් ප්‍රශ්නයට මැදිහත්වීම් කරන බවත් ක්‍රිකට් අතුරු කමිටුවක් පවත්වාගෙන යාමට උසාවියෙන් බාධාවක් නොවන්නේ නම් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා නිර්දේශ කළ ක්‍රිකට් අතුරු කමිටුව දිගටම පවත්වාගෙන යාමට සිය අනුමැතිය ලබා දෙන බවත් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
ක්‍රීඩා හා යෞවන කටයුතු බාර ඇමැතිවරයා ලෙස පෙරේදා (27) රාත්‍රියේ දී වැඩ බාරගත් හරීන් ප්‍රනාන්දු මහතාගෙන් වත්මන් ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් ‘ලංකාදීපය’ කළ විමසුමකදී එසේ පැවැසීය.
සංචාරක හා ඉඩම් ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටින අතර නව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැතිවරයා ලෙසත් පෙරේදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පත්වීම් ලබාගත් හරීන් ප්‍රනාන්දු මහතා යහපාලන රජය සමයේදීත් ක්‍රීඩා ඇමැති ධුරයේ (2018-19) කටයුතු කර තිබේ.
‘ලංකාදීප’යට අදහස් දැක්වූ නව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවැසුවේ, කෙසේ වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ වත්මන් අර්බුදය ඉතා ඉක්මනින්ම විසඳා ගැනීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාව සමග අද හෙටම සාකච්ඡා අරඹන බවයි.
ඒ සඳහා ඉක්මන් පියවරක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හරිමින් ක්‍රිකට් අතුරු කමිටුවක් හිටපු ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත් කිරීමට මුල් වූ විගණන වාර්තා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට යොමු කර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගත යුතු ක්‍රියාමාර්ග ගැන උපදෙස් පතා සිටින බව ද ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.
ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මෙසේද පැවැසීය.
“රොෂාන් රණසිංහ හිටපු ඇමැතිවරයා ක්‍රිකට් ප්‍රශ්නයේදී හැසිරුණු ආකාරයේ හරි වැරැද්ද ගැන මම කතා කරන්නේ නෑ. නමුත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන්න ශ්‍රී ලංකාවට සිද්ධ වෙනවා.
එතනදී අපට කළ හැකි හොඳම ක්‍රියාමාර්ගය වන්නේ රටේ ක්‍රීඩා පනත ජාත්‍යන්තර ක්‍රීඩා නීතිය හා නොගැටෙන ආකාරයට සංශෝධනය කිරීමයි. ඒ සඳහාත් අප ඉක්මන් ක්‍රියාමාර්ගයකට යනවා.
ක්‍රිකට් තේරීම් කමිටුව දැන් වෙනස් විය යුතුයි. මගේ අදහස නම් තේරීම් කමිටුවට නූතන ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන අත්දැකීම් ඇති හිටපු ක්‍රීඩකයන් පිරිසක් ඒ සඳහා පත් කළ යුතුයි. විශේෂයෙන්ම මෑතකදී ක්‍රීඩාවෙන් ඉවත්ව ගිය ප්‍රවීන ක්‍රීඩකයන්ටත් එහි අවස්ථාව සලසා දිය යුතුයි. ඒ ආදර්ශය පාකිස්තානය වගේ රටවල තියනව මම දැක්කා.
ඇමැති ධුරයට පත් වෙලා දින දෙක තුනකින් මට මේ සියලු දේවල් ගැන තීරණයකට එන්න බෑ. ඒ නිසා මම ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කීපයේදී අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා.
මම අර්ජුන රණතුංග මහතාට විරුද්ධ නෑ. ඔහු ජාතික ක්‍රීඩා සභාවේ දැරූ සභාපති ධුරය ඔහු කැමැති නම් නැවත බාරගෙන කරන්න පුළුවන්. තාම අපේ රටේ එකම ක්‍රීඩකයෙක්වත් 2024 පැරිස් ඔලිම්පික් උළෙලට නිර්දේශ ලබාගෙන නෑ.
මේ තත්ත්වය ගැනත් අපි අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා රටට නූතනයට ගැළපෙන ජාතික ක්‍රීඩා සැලැස්මක් හඳුන්වා දෙන්න මම උනන්දු වෙනවා. කලින් ක්‍රීඩා ඇමැති ධුරය දැරීමේදී ලබාගත් අත්දැකීම් මම එතනදී යොදා ගන්නවා.”
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.