Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බදුල්ල ධර්මදූත විද්‍යාලයීය දරුවන් අතර මෙන්ම ඌව පළාත තුළත් හොකී ක්‍රිඩාව නංවාලීම අරමුණු කරගනිමින් දැවැන්ත විවෘත හොකී තරඟාවලියක් සංවිධානය කිරීමට බදුල්ල ධර්මදූත විද්‍යාලීය ආදි ශිෂ්‍ය හොකී සංගමය කටයුතු සුදානම් කර ඇත.
සත්සාමාජික තරගාවලියක් වන මෙම තරගාවලිය කාන්තා සහ පිරිමි අංශ දෙකින්ම පැවැත්වේ. තරගාවලිය “දූත සෙවන්ස්“ යනුවෙන් හැඳින්වෙන අතර එය මේ මස 18 සහ 19 දිනවලදී බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. ත්‍රිවිධ හමුදාව ඇතුලු ක්‍රීඩා සාමාජ නියෝජනය කරමින් හොකී කණ්ඩායම් 20 කට ආසන්න සංඛ්‍යාවක් මෙම තරගාවලියට සහභාගිවීමට නියමිතය.
මෙම හොකි තරගාවලියේ ප්‍රධාන සංවිධායක ලෙස ඩී. ඩබ්ලිව් නලීන්ද මහතා කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.