Last Update  :  2025-03-16 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඌව හිල්ස් - යාපනය ශූරතා දිනති

ඌව හිල්ස් - යාපනය ශූරතා දිනති

editorial - 2023 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රොටරි සංවිධානය විසින් 18 වන වරටත් සංවිධානය කරන ලද ටී. ආර්. ආර්. රාජන් අභියෝගතා පළිහ සය සාමාජික ක්‍රිකට් තරඟාවලියේදී ඌව හිල්ස් සමාජය විසින් රෝටරි ශූරතාවය දිනාගන්නා ලදි. යාපනය අරධද්වීප කණ්ඩායම විසින් රෝටරැක්ට් ශූරතාවය දිනාගන්නා ලදි. මෙම තරගාවලිය පසුගියදා මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වින.

සූර්යා නිර්මාතෘ, දිවංගත ටී. ආර්. ආර්. රාජන් මහතා මහනුවර රෝටරි සමාජයේ 51 වැනි සභාපතිවරයා වූයේය. ටී.ආර්.ආර්. නමින් ප්‍රසිද්ධ ඔහු පරිපූර්ණ ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රීඩාව වෙනුවෙන් ඉදිරිපත් වූ මුල් පෙළේ පරිත්‍යාගශීලියෙකු ද වූ බව රෝටරි සාමාජික බී. ඩී. ආර්. රාජන් මහතා පැවසීය. රාජන් මහතා මහනුවර රග්බි ක්‍රීඩා සමාජයේ මුල්ම අනුග්‍රාහකයන්ගෙන් අයෙකි. පසුව ඔහු මහනුවර ආදි ත්‍රිත්ව රග්බි ක්‍රීඩා සමාජයට සහ හොකී ක්‍රීඩාවටත් අනුග්‍රහය දැක්වූයේය.

මහනුවර රෝටරි සමාජය විසින් 2002 වසරේ සිටම සංවිධානය කරනු ලබන මෙම ක්‍රිකට් තරඟාවලිය රෝටරි දින දර්ශනයේ සුවිශේෂි අංගයකි. කොවිඩ් වසංගතය හා ආර්ථික අවපාතයෙන් අනතුරුව රෝටරි සහ රෝටරැක්ට් සාමාජිකයන්ගේ සහ එම පවුල්වල මෙන්ම ඔවුන්ගේ සමීපතමයන් 1000 ක පමණ සහභාගිත්වයෙන් මහත් උත්සවශ්‍රීයෙන් මෙම ක්‍රිකට් තරගාවලිය පැවැත්විණ. මහනුවර රෝටරි සමාජය මගින් ටී. ආර්. ආර්. රාජන් මහතා අනුස්මරණය කිරීම වෙනුවෙන් සංවිධානය කරන මෙම තරඟාවලියට අඛණ්ඩව අනුග්‍රහය දක්වන බවත් රෝටරි වටිනාකම අනුව කටයුතු කරන බවත් සූර්යා ගිනිපෙට්ටි සමාගමේ සභාපති බී.ඩී.ආර්. රාජන් මහතා පැවසීය.

තරගාවලියේ රන් අනුග්‍රහකයන් වශයෙන් ‘ක්‍රිස්ටල් පැක්’ සමාගම ඉදිරිපත් වූ අතර රිදී අනුග්‍රහකයන් වශයෙන් ‘මෙගා කාර්සන්ස් සෙරමික්’ සමාගම ඉදිරිපත් විය.

ඌව හිල්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායම

 

යාපනය අර්ධද්වීප කණ්ඩායම


අදහස් (0)

ඌව හිල්ස් - යාපනය ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.