Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩකයන් තිදෙනකු සහ සහාය කාර්ය මණ්ඩල සේවකයන් සිවුදෙනකු කොවිඩ්-19 ආසාධිතයන් බවට හඳුනාගැනීම හේතුවෙන් සමස්ත එංගලන්ත සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායමම මේ වන විට නිරෝධායනයට යොමු කර ඇතැයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සීමිත ඕවර තරගාවලිය නිමාවට පත්වී තවමත් ගත වී ඇත්තේ දින 2 ක් පමණක් වන අතර එංගලන්තය සහ පාකිස්තානය අතර එක්දින තරගාවලිය අනිද්දා (8 වැනිදා) ආරම්භ වීමට නියමිතය.
ලෝක කුසලාන සුපිරි ලීගයට අයත් එම තරගාවලිය එක්දින තරග 3 කින් සමන්විත වේ.
එංගලන්තයේ සංචාරය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම අද (6 වැනිදා) දිවයිනට පැමිණියේය. ඔවුන්ද දින 8 ක නිරෝධායනයකට යොමුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියෙක් පැවසීය. ඉන් පෙර ඔවුන් කටුනායක ගුවන් තොටුපොලේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් කිරීමටද නියමිතය.
එංගලන්තයේ මහජන සෞඛ්‍ය අධිකාරිය, වේල්සයේ මහජන සෞඛ්‍ය අධිකාරිය සහ බ්‍රිස්ටල් නරගයේ ප්‍රදේශීය සෞඛ්‍ය අධිකාරිය සමග එක්ව එක්සත් රාජධානියේ නිරෝධායනය පිළිබඳ නීති රීති අනුගමනය කරමින් කොවිඩ්-19 බලපෑමට ලක්වූවන් ඉකුත් 4 වැනිදා සිට හුදෙකලා කිරීමට පියවර ගත් බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
කණ්ඩායමේ සෙසු සාමාජිකයන් සහ සහාය කාර්ය මණ්ඩලය ආසාධිතයන්ගේ සමීප සම්බන්ධතා ඇති පුද්ගලයන් ලෙස සලකන බවත්, එබැවින් ඔවුන්ද නිරෝධායනයට යොමු කර ඇතැයිද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන සීමිත ඕවර තරගාවලිය සඳහා වෙනස්ම කණ්ඩායමක් සහභාගි කරවීමට තීරණය කර තිබේ.
නවතම එංගලන්ත සීමිත ඕවර කණ්ඩායමේ නායකයා වශයෙන් බෙන් ස්ටෝක්ස් පත්කිරීමට නියමිතය.
"මාස 14 කට වැඩි කාලයක් පුරා දැඩි කොන්දේසි යටතේ ජීවත් වූ අපගේ ක්‍රීඩකයින්ට සහ සහාය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට යළිත් සාමාන්‍ය වාතාවරණයට අනුවර්තනය වීම සඳහා ඉඩ ලබාදීමට අපි පියවර ගත්තා. එහෙත් ඩෙල්ටා ප්‍රභේදය ඉස්මතු වීමත්, ජෛව ආරක්ෂක පරිසරයෙන් ක්‍රම ක්‍රමයෙන් ඉවත්වීමත් හේතුවෙන් කණ්ඩායමේ සාමාජිකයන්ට වයිරසය ශරීරගත වන්නට ඇතැයි අපි විශ්විස කරනවා." යැයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ටොම් හැරිසන් මහතා පැවසීය.
"මෙම තත්ත්වය මත එක රැයකින් පාකිස්තාන තරගාවලියට සහභාගි කරවීම සඳහා නව සංචිතයක් තෝරා ගැනීමට අපිට සිදුවුණා. ආබාධ තත්ත්වක් හේතුවෙන් ශ්‍රී ලංකා තරගාවලියට සහභාගි නොවූ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්, පාකිස්තානයට එරෙහිව එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දරමින් යළිත් තරග බිමට පිවිසේවී." යැයිද හැරිසන් මහතා කියා සිටියේය.
බෙන් ස්ටෝක්ස්...
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.