Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්ත කණ්ඩායමේ සහාය නිලධාරියා වහාම කොළඹට කැඳවයි

එංගලන්ත කණ්ඩායමේ සහාය නිලධාරියා වහාම කොළඹට කැඳවයි

යොහාන් භාසුර - 2021 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සහාය නිලධාරියකු ලෙස කටයුතු කරමින් සිටි ශ්‍රී ලාංකිකයකු හම්බන්තොට සිට වහාම කොළඹට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මෙම නිලධාරියා ‘කොවිඞ් 19’ ආසාදිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියා සමඟ සමීපව කටයුතු කිරීම මෙම කැඳවීමට හේතු වී තිබේ.

එංගලන්ත සංචාරයේ සංවිධාන කටයුතු සංබන්ධයෙන් කොළඹදී පැවැති සාකච්ඡාවකදී අදාල නිලධාරීන් දෙදෙනා සමීපව කටයුතු කර තිබේ.

ආසාදිත නිලධාරීයා පසුගිය 1 වැනිදා නව අවුරුදු උදාව වෙනුවෙන් ක්‍රිකට් මූලස්ථානයේ පැවැති කිරිබත් මේසයට පැමිණීම නිසා එම අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම සේවකයන්ගේ පී.සී.ආර්. පරීක්‍ෂණ කොළඹ පෞද්ගලික රෝහලකදී මේ වන විට ක්‍රියාත්මක පවතී.

එංගලන්ත කණ්ඩායමට සේවය සපයන තවත් ශ්‍රී ලාංකිකයකුගේ පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රතිඵල අනුව ඔහු ආසාදිතයකු නොවන බවට තහවුරු වීම නිසා ඔහු තව දුරටත් සේවය කරන බව වාර්තා වේ. එම ශ්‍රී ලාංකිකයා ද සංවිධායක රැස්වීමට සහභාගි වියයුතුව තිබුණ කිසියම් හේතුවක් මත ඔහු රැස්වීම මඟහැර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එංගලන්ත පිලේ තුන් ඉරියව් ක්‍රීඩක මුයින් අලී ‘කොවිඞ් 19’ ආසාදිතයකු ලෙස හඳුනාගැනීමත් සමඟ හම්බන්තොට ප්‍රදේශයේම ප්‍රධාන හෝටලයක ඔහු සහ ක්‍රිස් වෝක්ස් නිරෝධායනයට ලක්ව සිටිති.

එංගලන්ත ක්‍රිකට් සංචිතයේ 40 ක් වන සියලුම සාමාජිකයන් ඊයේ (05) පෙරවරුවේ නැවතත් පී.සී.ආර්. පරීක්‍ෂණවලට පෙනී සිටියහ. ඒ හේතුවෙන් ඊයේ දිනයේ ද එංගලන්ත කණ්ඩායමට විවේක ලැබුණි.

එංගලන්ත පිල පෙරේදා (4) සූරියවැව ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද මේ දක්වා පුහුණුවීම් ආරම්භ කර නොමැත. අද (6) පස්වරුවේ එංගලන්ත කණ්ඩායම පළමු පුහුණු සැසිය සඳහා සූරියවැව ක්‍රීඩාංගණයට පැමිණීමට නියමිත බව ක්‍රීඩාංගණ ආරංචි මාර්ග සඳහන් කරයි.  

ක්‍රිකට් විනිසුරුවන්ට සම්බන්ධ ප්‍රධාන නිලධාරියකු ද ‘කොවිඞ් 19’ ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇති බව ක්‍රිකට් ක්ෂේත්‍රයේ කථා බහට ලක්ව තිබේ. එම නිලධාරියා මීට දින කීපයකට පෙර කොළඹ ප්‍රධානම ක්‍රීඩාංගණ ශාලාවකදී රැස්වීමක් ද පවත්වා ඇති බව කථා බහට ලක්ව තිබේ.   

 


අදහස් (0)

එංගලන්ත කණ්ඩායමේ සහාය නිලධාරියා වහාම කොළඹට කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.