Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් 2021 වසරේ නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග මාලාවේ ශ්‍රී ලංකා තරගාවලියට සහභාගී වීම සඳහා එංගලන්ත කාන්තා ක්‍රිකට් පිල මේ මස 10 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ එක්දින තරග තුනට අමතරව විස්සයි20 තරග තුනක් ද මෙම සංචාරයට ඇතුළත් වේ.
පළමු එක්දින තරග දෙක සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ මස 16 සහ 18 දෙදින ද, අවසන් එක්දින තරගය 21 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව මේ වන විට තරගාවලි හතරකට සහභාගි වී තරගයක් පමණක් ජය ලබා ප්‍රසාද ලකුණු දෙකක් හිමිකරගනිමින් අවසන් ස්ථානයේ පසුවෙයි.
විස්සයි20 තරග තුන මේ මස 24, 26 සහ 28 යන දිනවල කොළඹදී පැවැත්වීමට නියමිතය.
සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.