Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය සහ ඉන්දියාව අතර එංගලන්තයේ ඕල්ඞ් ට‍්‍රැෆඞ් කී‍්‍රඩාංගණයේ පැවැති සිව්වැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 54 ක ජයක් වාර්තා කළ එංගලන්ත පිල, තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට අද (9 වැනිදා) සමත්විය.
ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 225 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් රැස්කරගත හැකිවූයේ ලකුණු 161 ක් පමණි.
එහිදී කඩුලූ 4 ක් දවාගත් මොයින් අලී ඉන්දීය ඉනිම සුනුවිසුණු කර දැමූ අතර ජේම්ස් ඇන්ඩසන් සහ කි‍්‍රස් ජොඩාන් කඩුලූ 2 බැගින් දවාගනිමින් ඔහුට මනා සහයක් දුන්හ.
අනෙක් කී‍්‍රඩකයන් එකා පිට එකා දැවීයද්දී, හුදෙකලා ඉනිමක් කී‍්‍රඩා කළ රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණු 46 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.
පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත පිල සියලූ දෙනා දැවී ලකුණු 367 ක් ලබාගත් අතර එංගලන්ත ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 134 ක සම්බන්ධතාවක් ගොඩ නැගූ ජෝ රූට් (77) සහ ජොස් බට්ලර් (70) තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
පන්දු 161 කින් වාර්තා වූ ජෝ රූට්ගේ අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 130 කින් වාර්තා වූ ජොස් බට්ලර්ගේ අර්ධ ශතකයට හතරේ පහර 10 ක් ඇතුළත් විය.
එංගලන්ත පිලේ ප‍්‍රවීනතම කී‍්‍රඩකයා වන ඉයන් බෙල්, හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 58 ක් රැස්කළේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 152 ක් පමණි.
එංගලන්ත වේග පන්දුයවන්නන් වන ස්ටුවර්ට් බෝඞ් ලකුණු 25 කට කඩුලූ 6 ක් සහ ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 46 කට කඩුලූ 3 ක් දවාගනිමින් ඉන්දීය ඉනිම සුනුවිසුණු කර දැමූහ.
එහිදී ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් හයදෙනෙකුම ලකුණු ලබාගැනීමට පෙර ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට ඇන්ඩර්සන් සහ බෝඞ් සමත්වූහ.
ඉන්දීය පිලේ වැඩිම ලකුණු ලාභියා වූ මහේන්ද්‍ර සිං දෝනි (71), අජන්ක්‍යා රහනේ (24) සමග 5 වැනි කඩුල්ලට එක්කළ ලකුණු 54 සහ රවිචන්ද්‍රන් අෂ්වින් (40) සමග 7 වැනි කඩුල්ලට එක්කළ ලකුණු 66 නොවන්නට ඉන්දීය පිලේ තත්ත්වය මීටත් වඩා බරපතල වීමට ඉඩ තිබිණ.
කාසියේ වාසිය දිනූ ඉන්දීය පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඉන්දියාව පළමු ඉනිම - සියලූ දෙනා දැවී 152
(අජන්ක්‍යා රහනේ 24, මහේන්ද්‍ර සිං දෝනි 71, රවිචන්ද්‍රන් අෂ්වින් 40, ස්ටුවර්ට් බෝඞ් 25/6, ජේම්ස් ඇන්ඩර්සන් 46/3)
එංගලන්ත පළමු ඉනිම - සියලූ දෙනා දැවී 367
(ඇලෙස්ටෙයාර් කුක් 17, ගැරී බැලන්ස් 37, ඉයන් බෙල් 58, ජෝ රූට් 77, ජොස් බට්ලර් 70, බුවනේෂ්වර් කුමාර් 75/3, වරුන් ඒරන් 97/3, පංකජ් සිං 113/2)
ඉන්දියාව දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 161
(මුරලි විජේ 18, ගෞතම ගම්භීර් 18, චෙතේෂ්වර් පුජාරා 17, මහේන්ද්‍ර සිං දෝනි 27, රවිචන්ද්‍රන් අෂ්වින් නොදැවී 26, මොයින් අලී 39/4, ජේම්ස් ඇන්ඩර්සන් 18/2, කි‍්‍රක් ජෝඩාන් 65/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.