Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව්හිදි පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට එංගලන්ත යොවුන් පිල සමත් විය. ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රීඩාංගණයේදී ඊයේ (26 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් එංගලන්ත යොවුන් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 210 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත යොවුන් කණ්ඩායම ඕවර 31.2 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. විලියම් ලුක්ස්ටන් (නොදැවී 47) සහ ජෝජ් බෙල් (නොදැවී 9) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 43 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් එංගලන්ත යොවුන් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.
පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 110 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ ජෝජ් තෝමස් (19) සහ ජෙකොබ් බෙතෙල් (88) එංගලන්ත යොවුන් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. එහිදී පන්දු 42 කට මුහුණදුන් බෙතෙල් හයේ පහර 2 කින් සහ හතරේ පහර 16 කින් සිය අර්ධ ශතකය සැරසුවේය. පන්දු 41 කදී වාර්තා වූ ලුක්ස්ටන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට රෙහාන් අහමඩ් ප්‍රමුඛ එංගලන්ත යොවුන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 43.4 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 209 ක් පමණි. එහිදී අහමඩ් ලකුණු 48 කට කඩුලු 4 ක් බිඳහෙළු අතර ජොෂුවා බෝයිඩන් සහ ජේම්ස් සේල්ස් කඩුලු 2 බැගින් දවාගත්හ.
දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඩෙවොල්ඩ් බ්‍රේවිස් පන්දු 88 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 97 ක් ලබා ශතකය පෙනි පෙනී සිටියදී ජේම්ස් සේල්ස්ගේ පන්දුවක් හමුවේ ජේම්ස් රෙව් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. ජර්හාඩස් මැරී පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 27 ක්ද, මැතිව් බෝස්ට් පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 22 ක්ද රැස්කළහ.
දකුණු අප්‍රිකානු යොවුන් පිල - ඕවර 43.4 කදී සියලු දෙනා දැවී 209
(ඩෙවොල්ඩ් බ්‍රේවිස් 97, ජර්හාඩස් මැරී 27, මැතිව් බෝස්ට් නොදැවී 22, අසාකේ ටෂාකා 18, රෙහාන් අහමඩ් 48/4, ජොෂුවා බෝයිඩන් 31/2, ජේම්ස් සේල්ස් 33/2)
එංගලන්ත යොවුන් පිල - ඕවර 31.2 කදී කඩුලු 4 ක් දැවී 212
(ජෝජ් තෝමස් 19, ජෙකොබ් බෙතෙල් 88, ටොම් ප්‍රෙස්ට් 24, ජේම්ස් රෙව් 14, විලියම් ලුක්ස්ටන් නොදැවී 47, ඩෙවොල්ඩ් බ්‍රේවිස් 40/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.