Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්ත වි-20 සංචිතයට ශක්තිමත් 16 ක්

එංගලන්ත වි-20 සංචිතයට ශක්තිමත් 16 ක්

editorial - 2021 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වීමට නියමිත තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ක‍්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් එංගලන්ත සංචිතය පෝල් කොලින්වුඞ් සහ මාකස් ටෙ‍්‍රස්කොතික් විසින් නම් කරන ලදී.

කොදෙව් සංචාරය සඳහා නම් කරන ලද සංචිතයට පසුගිය ඔක්තෝබර් - නොවැම්බර් මාසවලදී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ක‍්‍රීඩකයින් 11 දෙනෙක් ඇතුළත් වෙති. නවක ක‍්‍රීඩකයන් දෙදෙනෙකු ලෙස තුන් ඉරියව් ක‍්‍රීඩක ජෝර්ජ් ගාටන් සහ වමත් වේග පන්දු යවන ක‍්‍රීඩක ඬේවිඞ් පේන් මෙම සංචිතයට එක්ව සිටිති.

ජනවාරි 22 සිට 30 දක්වා බාබඩෝස් හි කෙන්සිංටන්  ඕවල් හිදී පැවැත්වීමට නියමිත තරග පහකින් සමන්විත තරගාවලිය සඳහා කොලින්වුඞ් එංගලන්ත කණ්ඩායමේ වැඩ බලන ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත. ටෙ‍්‍රස්කොතික් ඔහුගේ සහය පුහුණුකරු ලෙස නම් කර ඇත.

නිත්‍ය ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ක‍්‍රිස් සිල්වර්වුඞ් මහතා, මේ වනවිට පැවැත්වෙන අළු බඳුන තරගාවලියෙන් පසුව විවේක ගැනීමට නියමිතව ඇති බැවින් වැඩ බලන ප‍්‍රධාන පුහුණුකරු ලෙස කොලින්වුඞ් මහතා කටයුතු කරනු ඇත. අළු බඳුන තරගාවලියේ 5 වැනි සහ අවසන් තරගය ජනවාරී 14 සිට 18 වැනිදා දක්වා පැවැත්වේ.

” ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානම් වීම් ආරම්භ කරමින් සමබර, ශක්තිමත් සහ ප‍්‍රහාරාත්මක සංචිතයක් අපි තෝරාගෙන තිබෙනවා,” යැයි 2010 විස්සයි20 ලෝක කුසලාන ජයග‍්‍රාහී එංගලන්ත කණ්ඩායමේ නායක කොලින්වුඞ් මහතා පැවසීය.

”ලෝක කුසලානයට ඇත්තේ වසරකටත් අඩු කාලයක්. අළු බඳුන සංචිතයේ සිටින ක‍්‍රීඩකයින් නොමැති විට සංචිතය එක්වීම සඳහා තවත් ක‍්‍රීඩකයන් පිරිසකට වැඩි අවස්ථාවක් හිමි වෙනවා”

”බාබඩෝස් හි පැවති ලෝක කුසලාන තරගාවලියක් ජයග‍්‍රහණය කිරීම පිළිබඳ හොඳ මතකයන් මා සතුව තියෙනවා. අපගේ දක්ෂතාවල සියලූම අංශයන් පරීක්ෂා කරන, ඉතාමත් හොඳ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමකට මුහුණ දීමට මෙම සංචිතය සමඟ නැවත එහි යාමට මම බලාපොරොත්තු වෙනවා” යයි පෝල් කොලින්වුඞ් මහතා පැවසීය.

මීළඟ විස්සයි-20 ලෝක කුසලාන තරගවලිය ඔක්තෝබර් 16 වැනිදා සිට නොවැම්බර් 13 වැනිදා දක්වා  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වේ.


එංගලන්ත විස්සයි-20 සංචිතය
ඔයින් මෝගන් (නායක), මොයින් අලී, ටොම් බැන්ටන්, සෑම් බිලිංග්ස්, ලයාම් ඬේව්සන්, ජෝර්ජ් ගාර්ටන්, ක‍්‍රිස් ජෝර්ඞ්න්, ලයාම් ලිවිංග්ස්ටන්, සකීබ් මහ්මූද්, ටයිමල් මිල්ස්, ඩේවිඩ් පේන්, අදිල් රෂීඞ්, ජේසන් රෝයි, පිිල් සෝල්ට්, රීස් ටෝප්ලී සහ ජේම්ස් වින්ස්.

- 2079

 


අදහස් (0)

එංගලන්ත වි-20 සංචිතයට ශක්තිමත් 16 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.