Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්තය 3-1 කින් ඉන්දියාව පරදවයි

එංගලන්තය 3-1 කින් ඉන්දියාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 17 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

එංගලන්ත ක‍්‍රීඩකයෝ සංචාරක ඉන්දීය පිලට එරෙහිව පැවැති තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-1 කින් ජය ලැබීමට අද (17) සමත් වූහ.  

ලන්ඩන්හි, කිංග්ස්ටන්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැති පස්වැනි සහ අවසන් තරගයේ තෙවැනි දිනය වූ අද තේ විවේකයට පෙර එංගලන්ත පිල ඉනිමක සහ ලකුණු 244 ක ජයක් ලැබීය.

ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 338 ක ඉලක්කය වෙනුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 94 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

එංගලන්ත පළමු ඉනිම අද (17) පෙවරුවේ ලකුණු 486 කට සීමා වූ අතර ඒ අනුව එංගලන්තය පළමු ඉනිමේදී ලකු-ණු 338 ක් පෙරමුණට පැමිණියේය. ජෝ රූට් පන්දු 165 කදී හතරේ පහර 18 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 149 ක් රැස්කිරීමට සමත් විය.


ඉන්දීය පිල පළමු ඉනිම  ඕවර 61.1 කදී සියලූ දෙනා දැවී 148 (මහේන්ද්‍ර සිං දෝනි 82, ජේම්ස් ඇන්ඩසන් 51/2, කි‍්‍රස් ජෝර්ඞ්න් 32/3, ක‍්‍රිස් වෝක්ස් 30/3) සහ දෙවැනි ඉනිම  ඕවර 29.2 කදී සියලූ දෙනා දැවී 94 (විරාට් කෝලි 20, ස්ටුවට් බෙනි නොදැවී 25, ජේම්ස් ඇන්ඩසන් 16/2, කි‍්‍රස් ජෝර්ඞ්න් 18/4)

එංගලන්ත පිල පළමු ඉනිම  ඕවර 486 කදී සියලූ දෙනා දැවී 486 (ඇලෙස්ටියාර් කුක් 79, සෑම් රොබ්න්සන් 37, ගැරී බැලන්ස් 64, ජෝ රූට් නොදැවී 149, ජෝස් බට්ලර් 45, කි‍්‍රස් ජෝර්ඞ්න් 20, ස්ටුවට් බ්‍රෝඞ් 37, ඉශාන්ත් ශර්මා 96/4, වරුන් ඒරන් 153/2, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 72/3)


- 048  

 


අදහස් (1)

එංගලන්තය 3-1 කින් ඉන්දියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.