Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජෝ රූට්ගේ ඉවසිලිවන්ත අර්ධ ශතකය නිසා අළු බඳුන තරගාවලියේ පස්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (23 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා කඩුල්ලක් දැවී ලකුණු 97 ක් ලබාගැනීමට එංගලන්ත පිල සමත් විය. ලන්ඩන් ඕවල් පිටියේදී පැවැත්වෙන මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය මුල් ඉනිම සඳහා කඩුලූ 9 ක් දැවී ලකුණු 492 ක් ලබාගත්තේය.
පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය තත්ත්වයන් යටතේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක් එක් කිරීමට ඇලිස්ටෙයාර් කුක් සහ ජෝ රූට් සමත් වූ නමුත් රයාන් හැරිස්ගේ පන්දුවකින් එංගලන්ත නායකයා ලකුණු 25 කට දැවී ගියේය.
එහෙත් ජොනතන් ට්‍රොට් සමග එක්ව ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූ ජෝ රූට්, දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට නොදැවී ලකුණු 52 ක් ලබා සිටියේය.
ඕස්ටේ‍්‍රලියාව . පළමු ඉනිම කඩුලූ 9 ක් දැවී 492
(ෂේන් වොට්සන් 176, ස්ටීව් ස්මිත් නොදැවී 138, ජේම්ස් ඇන්ඩසන් 95/4)
එංගලන්තය . පළමු ඉනිම කඩුල්ලක් දැවී 97
(ඇලිස්ටෙයාර් කුක් 25, ජෝ රූට් නොදැවී 52, ජොනතන් ට්‍රොට් නොදැවී 9)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.