Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්තයට සහන ජයක්

එංගලන්තයට සහන ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත කණ්ඩායම සහ  ඕස්ටේ‍්‍ර‍්‍රලියානු අගමැතිවරයාගේ කණ්ඩායම අතර කැන්බරාහි මනුකා  ඕවල් කී‍්‍රඩාංගණයේදී අද (14 වැනිදා) පැවති සීමිත  ඕවර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 172 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 265 ක ඉලක්කයක් හඹාගිය  ඕස්ටේ‍්‍ර‍්‍රලියානු අගමැතිවරයාගේ කණ්ඩායමට සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 92 ක් පමණි.

ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 5-0 කින් පරාජය වූ එංගලන්ත කණ්ඩායම පළමු එක්දින තරගයේදීත් කඩුලූ 6 කින් පරාජය විය. සංචාරක කණ්ඩායම මෙම ජයග‍්‍රහණය ලබාගත්තේ මාස දෙකකට පසුවය.

එහිදී එංගලන්ත තුන් ඉරියව් කී‍්‍රඩක රවී බෝපාරා ලකුණු 3 කට කඩුලූ 4 ක් දවාගනිමින් සහ දුවද්දී දවාගැනීමකට සම්බන්ධ වෙමින්  ඕස්ටේ‍්‍ර‍්‍රලියානු අගමැතිවරාගේ කණ්ඩායම අසරණ තත්ත්වයකට ඇද දැමුවේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත  ඕවර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 264 ක් රැස්කළේය.

පන්දු 60 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 61 ක් රැස්කළ එංගලන්ත කණ්ඩායමේ කඩුලූ රකින කී‍්‍රඩක ජොස් බට්ලර්, තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීය.

එංගලන්ත කණ්ඩායම -  ඕවර 50 කදී කඩුලූ 8 කට 264
(මියිකල් කාබෙරි 47, ගැරී බැලන්ස් 56, රවී බොපාරා 18, ජොස් බට්ලර් 61, ටිම් බ්‍රෙස්නන් 36, ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල් 18, ජේම්ස් මයිර්හෙඞ් 52/3, බ්‍රෙට් ලී 22/2)

ඕස්ටේ‍්‍ර‍්‍රලියානු අගමැතිවරයාගේ කණ්ඩායම -  ඕවර 26 කදී සියලූදෙනා දැවී 92
(බ‍්‍රැඞ් හොජ් 28, රවී බෝපාරා 3/4, බොයිඞ් රැුන්කින් 39/2)

036

 


අදහස් (0)

එංගලන්තයට සහන ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.