Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්තයේ උත්සාහයට මන්දාලෝකය හරස් වෙයි

එංගලන්තයේ උත්සාහයට මන්දාලෝකය හරස් වෙයි

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අළු බඳුන තරගාවලිය 3-0 ක් ලෙසින් පරාජය වී සිටියදීත් පස්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ලබාගත හැකි යයි සිතූ ජයක් සොයා ගිය  ඕස්ටේ‍්‍රලියානුවන් තවත් තරගයකින් පරාජය කිරීමට එංගලන්ත කණ්ඩායම ගත් උත්සාහය අවසන් මොහොතේදී තිබූ මන්දාලෝකය නිසා වැළකී ගියේය.

ලන්ඩන්  ඕවල් පිටියේදී පැවැති අවසන් ටෙස්ට් තරගය අද (25 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමා විය. ඕවර 44 කදී ලකුණු 227 ක ඉලක්කයක් කරා ගිය එංගලන්ත කණ්ඩායම ජයග‍්‍රහණයට ලකුණු 21 ක් මෑතින් සිටියදී අයහපත් ආලෝක තත්ත්වය නිසා තරගය නතර කර දැමීමට විනිසුරුවරුන් දෙදෙනා වූ කුමාර් ධර්මසේන සහ අලීම් දාර් යන මහත්වරු තීරණය කළහ.

ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම තරගාවලි දෙකකදී එක දිගට පැවැති ටෙස්ට් තරග 9 කින් 7 ක් පරාජය වී තිබේ. ඔස්ටේ‍්‍රලියානු පිලේ අවසන් ටෙස්ට් ජය වාර්තා වන්නේ මේ වසර මුලදී ශී‍්‍ර ලංකා පිලට එරෙහිව සිඞ්නි නුවරදී ලබාගත් ජයග‍්‍රහණයයි.

පළමු ඉනිමේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 492 ක් ලබාගත්තද දිගින් දිගටම වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගයේ ජයග‍්‍රහණයක් පිළිබඳව  ඕස්ටේ‍්‍රලියාවුන් තැබූ බලාපොරොත්තු හීන වී ගියේය. සෙනසුරාදා දිනයම වර්ෂාවට සේදී ගිය අතර අවසන් දිනයේ කී‍්‍රඩාව ආරම්භ වූයේත් අඩ හෝරාවක ප‍්‍රමාදයකින් අනතුරුවය.

කෙසේ වෙතත් එංගලන්ත පළමු ඉනිම ලකුණු 377 කට සීමා කළ  ඕස්ටේ‍්‍රලියානුවෝ සිය දෙවැනි ඉනිමේදී  ඕවර 23 කින් කඩුලූ 6 කට ලකුණු 111 ක් ලබා තරගයෙන් ජයගැනීම සඳහා  ඕවර 44 කදී ලකුණු 227 ක් රැස්කිරීමේ අභියෝගය එංගලන්තයට බාර කළහ.

ජොනතන් ට්‍රොට් (59) සහ කෙවින් පීටර්සන් (62) දෙදෙනා තුන්වැනි කඩුල්ල සඳහා පන්දු 86 කින් ලකුණු 77 ක් එක්කරමින් එංගලන්ත කණ්ඩායම ජයග‍්‍රහණයේ මාවතට ගෙන ආ නමුත්  ඕවර 4 ක් (පන්දු 24 ක්) ඉතිරිව තිබියදී එංගලන්ත උත්සාහයට ආලෝකය හරස් විය.

 

ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම කඩුලූ 9 ක් දැවී 492
එංගලන්තය - පළමු ඉනිම සියලූ දෙනා දැවී 377

(ඇලිස්ටෙයාර් කුක් 25, ජෝ රූට් 68, ජොනතන් ට්‍රොට් 40, කෙවින් පීටර්සන් 50, ඉයන් බෙල් 45, කි‍්‍රස් වෝක්ස් 25, මැතිව් ප‍්‍රයර් 47, ගේ‍්‍රඒම් ස්වෝන් 34, මිචෙල් ස්ටාක් 92/3, රයාන් හැරිස් 64/2, ජේම්ස් ෆෝක්නර් 51/4)

ඕස්ටේ‍්‍රලියාව - දෙවැනි ඉනිම කඩුලූ 6 ක් දැවී 111
(ඬේවිඞ් වෝනර් 12, ෂේන් වොට්සන් 26, ජේම්ස් ෆෝක්නර් 22, මයිකල් ක්ලාක් නොදැවී 28, ස්ටුවර්ට් බ්‍රෝඞ් 43/4)

එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලූ 5 ට 24
(ඇලිස්ටෙයාර් කුක් 34, ජෝ රූට් 11, ජොනතන් ට්‍රොට් 59, කෙවින් පීටර්සන් 62, ඉයන් බෙල් 17, කි‍්‍රස් වෝක්ස් නොදැවී 17, රයාන් හැරිස් 21/2)

 

 

 

 

 


අදහස් (0)

එංගලන්තයේ උත්සාහයට මන්දාලෝකය හරස් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.