Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණ සිටින එංගලන්ත පාසල් ක්‍රිකට් කණ්ඩායමක් කොළඹ, මහනුවර හා ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසකදී ශ්‍රී ලංකාවේ පාසල් කණ්ඩායම් කිහිපයක් සමග තරග වැදීමට නියමිතය. මෙම පාසල් කණ්ඩායමේ සිටින ක්‍රිකට් ක්‍රීඩකයෝ උදාවන සිංහල අලුත් අවුරුදු උළෙල ශ්‍රී ලාංකිකයන් සමග එක් වෙමින් සැමරීමටත් සූදානමින් සිටිති.
එංගලන්තයේ සිටිඩමින් එරට පාසල් දරුවන්ට ක්‍රිකට් ක්‍රීඩාව පුහුණු කරවන ශ්‍රී ලාංකිකයන් වන සමින්ද සේනාපති හා තුෂේන්ද්‍ර ද සොයිසා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සංචාරක පාසල් ක්‍රිකට් පිල දිවයිනට පැමිණ සිටියි.
සංචාරක එංගලන්ත පාසල් ක්‍රිකට් කණ්ඩායම කලුවාමෝදර සෆීයා සංචාරක හෝටල් කළමනාකාරීත්වය විසින් හරසරින් පිළිගන්නා ලද අයුරු.
(ඡායාරූප - අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.