Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එක්දින තරගාවලියේ ජයත් ඕස්ටේ‍්‍රලියාවට

එක්දින තරගාවලියේ ජයත් ඕස්ටේ‍්‍රලියාවට

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඇඩිලේඞ්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් ලකුණු 5 ක තියුණු ජයක් ලැබූ  ඕස්ටේ‍්‍රලියානු පිල 4-1 ක් ලෙස තරගාවලියේ ජය ලැබීය.

 ඕස්ටේ‍්‍රලියාව පළමු තරග තුන ජය ලැබීමත් සමග තරග පහම ජය ලැබීමට සැළසුම් කළ ද එංගලන්ත පිල සිවුවැනි තරගය ජය ලැබීමෙන් එම උත්සාහක අසාර්ථක විය.

මෙම තරගයේ ජයග‍්‍රහණය සදහා ලකුණු 218 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත පිල  ඕවර 49.4 කදී ලකුණු 212 කට සීමා විය. එංගලන්තය කඩුලූ 9 ක් දැවී සිටි අවසන්  ඕවරයට ලකුණු 8 ක් රැුස්කිරීමට තිබියදී සිවුවැනි පන්දුවේදී ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල් දැවී ගියේය.  ඕස්ටේ‍්‍රලියානු පිලේ තුන් ඉරියව් ක‍්‍රීඩක ජේම්ස් ෆෝක්නර් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.   

 

ඕස්ටේ‍්‍රලියානු පිල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 217 (ෂෝන් මාෂ් 36, ජෝර්ජ් බේලි 56, ග්ලෙන් මැක්ස්වෙල් 22, මැතිව් වේඞ් 31, ජේම්ස් ෆෝක්නර් 27, ස්ටුවට් බ්‍රෝඞ් 31/3, ක‍්‍රිස් ජෝර්ඩන් 37/2)

එංගලන්ත පිල  ඕවර 49.4 කදී 212 (ඇලිස්ටෙයාර් කුක් 39, ජෝ රූට් 55, ඔයින් මෝර්ගන් 39, රවී බොපරා 25, නේතන් කොයුල්ටර් 34/3, ජේම්ස් ෆෝක්නර් 37/2, ක්ලින්ට් මැකේ 36/3)  

 


අදහස් (0)

එක්දින තරගාවලියේ ජයත් ඕස්ටේ‍්‍රලියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.