Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එක්දින තරගයේ ජය පිළියන්දල මැදි විදුහලට

එක්දින තරගයේ ජය පිළියන්දල මැදි විදුහලට

රොෂාන් ගුණරත්න - 2020 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය අතර ‘සල්පිටි රයිගම් කෝරළ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති 7 වැනි එක්දින තරගය කඩුලු 7 කින් ජයගැනීමට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය අද (01 වැනිදා) සමත්විය. ඒ අනුව පැවැති එක්දින තරග 7 න් 6 ක ජය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට හිමිවූ අතර එක් තරගයක් වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් හොරණ තක්‍ෂිලා මැදි විදුහලට ඕවර 47.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 199 ක් පමණි. දේෂාන් දිල්මිත් (54) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර චමිඳු රන්විනු (31), එරංන්ද ජයකොඩි (26) සහ සෙනෙත් වින්විනු (නොදැවී 20) තක්‍ෂිලා මැදි විදුහල් ලකුණු පුවරුව ඉහළ දැමීමට දායක වූහ.

සඳුන් සත්සර ඕවර 10 ක් යවමින් ලකුණු 31 කට කඩුලු 4 ක් සහ සසංක ලක්ෂාන් ඕවර 8.3 ක් යවමන් ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගනිමින් තක්‍ෂිලා මැදි විදුහල් ඉනිම අඩපණ කිරීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 200 ක ඉලක්කයක් හඹාගිය පිළියන්දල මැදි විදුහල් පිතිකරුවෝ ඕවර 41.4 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසු කිරීමට සමත්වූහ. චමෝද් සඳරු (නොදැවී 73) සහ අෂේන් රොද්‍රිගූ (52) අර්ධ ශතක ලබාගනිමින් පිළියන්දල මැදි විදුහල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

පන්දු 81 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 73 ක් රැස්කිරීමට චමෝද් සඳරු සමත්වූ අතර පන්දු 93 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 52 ක් රැස්කිරීමට අෂේන් රොද්‍රිගූ සමත්විය. ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 121 කදී ලකුණු 88 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට සමත්වූහ.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සහ හොඳම පිතිකරුවා යන සම්මාන ද්විත්වය දිනාගැනීමට පිළියන්දල මැදි විදුහල් කණ්ඩායමේ නායක චමෝද් සඳරු සමත්වූ අතර හොඳම පන්දු යවන්නා ලෙස එම විදුහලේම සඳුන් සත්සර සම්මාන දිනාගත්තේය. හොඳම පන්දු රකින්නා ලෙස තක්‍ෂිලා මැදි විදුහල් කණ්ඩායමේ නායක චමිඳු රන්විනු සම්මාන දිනාගත්තේය.


තක්‍ෂිලා ම.ම.විද්‍යාලය - ඕවර 47.3 කදී සියලුදෙනා දැවී 199
(දේෂාන් දිල්මිත් 54, චමිඳු රන්විනු 31, එරන්ද ජයකොඩි 26, සෙනෙත් වින්විනු නොදැවී 20, සඳුන් සත්සර 31/4, සසංක ලක්ෂාන් 30/3)    

පිළියන්දල ම.ම.විද්‍යාලය - ඕවර 41.4 කදී කඩුලු 3 ක් දැවී 204
(චමෝද් සඳරු නොදැවී 73, අෂේන් රොද්‍රිගූ 52, ගමිත් දිල්ෂාන් 20

 


අදහස් (0)

එක්දින තරගයේ ජය පිළියන්දල මැදි විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.