Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එක්දින තරගවලියට ජැන්සන් කැඳවයි

එක්දින තරගවලියට ජැන්සන් කැඳවයි

editorial - 2022 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය සඳහා වමත් වේග පන්දු යවන ක‍්‍රීඩක මාර්කෝ ජැන්සන් කැඳවීමට දකුණු අප‍්‍රිකානු තේරීම් කමිටුව පියවර ගත්තේය. උකුල් ඇටයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් තවමත් සුවය නොලැබූ ඇන්රිච් නොකියා වෙනුවට වමත් වේග පන්දු යවන ක‍්‍රීඩක මාර්කෝ ජැන්සන්ට මංගල එක්දින තරගාවලිය සඳහා කැඳවීම් ලැබීය.
 
නෙදර්ලන්ත කණ්ඩායමේ දකුණු අපි‍්‍රකානු සංචාරය සඳහා වේන් පානෙල් සහ සුබයිර් හම්සා ඔවුන්ගේ ස්ථාන රැකගෙන ඇත. පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඩ්වේන් ප‍්‍රිටෝරියස් මෙන්ම තුන් ඉරියව් ක‍්‍රීඩක ඇන්ඩිල් පෙලූක්වායෝ ද සංචිතයට කැඳවූහ.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජනවාරි 19 සිට 23 දක්වා බටහිර කේප් හිදී පැවැත්වේ.


දකුණු අප‍්‍රිකානු සංචිතය
ටෙම්බා බවුමා (නායක), කේෂව් මහරාජ් (උපනායක), ක්වින්ටන් ඩි‘කොක්, සුබායිරි හම්සා, මාර්කෝ ජැන්සන්, ජැනේමන් මලාන්, සිසන්දා මගලා, ඒඞ්න් මාක‍්‍රම්, ඬේවිඞ් මිලර්, ලූන්ගි න්ගිඩි, වේන් පානෙල්, ඇන්ඞ්ල් පෙලූක්වායෝ, ඞ්වයින් ප‍්‍රිටෝරියස්, කගීසෝ රබාඩා, තබ්‍රේස් ශම්සි, රාසි වැන්ඩර් ඩසන්, කයිල් වෙරීන්.

- 2079

 


අදහස් (0)

එක්දින තරගවලියට ජැන්සන් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.