Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය සංවිධානය කරන ජාතික එල්ලේ ශූරතාවලිය කණ්ඩායම් 130 ක සහභාගීත්වයෙන් හෙට (30 වැනිදා) සිට ක්‍රීඩාංගණ 13 කදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා කුසලාන සමග මුදල් ත්‍යාග පිරිනැමීමට සංවිධාකයෝ සූදානමින් සිටිති.
හෙට සිට මැයි මස අවසන් සතිය දක්වා සෑම සති අන්තයකදීම තරග පැවැත්වෙන අතර මැයි මස 31 වැනිදාට පෙර තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වීමට බලාපොරොත්තුවන බව එල්ලේ සංගමයේ සභාපති ජයතිස්ස රොද්‍රිගූ මහතා ‘ලංකාදීප’යට පැවසීය.
“එල්ලේ සංගමයේ නිල කාලය මැයි 31 වැනිදායින් අවසන් වෙනවා. ඊට කළින් ජාතික ශූරතාවලිය පවත්වලා ඉවර කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. රටේ තත්ත්වය තවත් නරක අතට හැරුණෙ නැත්නම් තරගාවලිය සාර්ථකව නිමා කරන්න පුළුවන් වේවි කියලා අපි හිතනවා.” යැයිද එහිදී සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ජා ඇල සෙක්කුවත්ත, කේපියාවත්ත ජයශ්‍රීගම, කඳාන ලින්ටන්, ඒකල බෲස්වත්ත, ඒකල ජොෂිටාවත්ත, දුන්ගල්පිටිය සරත් ගුණරත්න, වයික්කාල සහනගම, වැලිසර නවලෝක, වල්පොල ලැන්ටි අමරසිංහ, මාටාගොඩ ආනන්ද, දළුපොත සමනල, තිඹිරිගස්කටුව නැගෙන තරු සහ කැලණිය ටයර් සංස්ථා යන ක්‍රීඩාංගණවලදී තරග පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.