Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා එල්ලේ විනිසුරු සංගමයේ වත්මන් විධායක සභාව නිලවරණයක් කැදවීමකින් තොරව සිය නිල කාලය ඉක්මවා කටයුතු කරමින් සිටින බවට චෝදනා නැගේ.මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයට පැමිණිල්ලක් කර ඇති එල්ලේ විනිසුරුවන් පිරිසක් ‘ලංකාදීප’යට පැවැසුවේ එයින් පලක්වී නැත්තේ මේ වන විට එල්ලේ සම්මේලනයේ පරිපාලනයද බිද වැටී ඇති තත්වයක් පැන නැගී තිබෙන නිසා බවයි.
එල්ලේ විනිසුරු සංගමය සදහා හඳුන්වාදී තිබෙන ව්‍යවස්ථාව මේ වන විට ක්‍රියාත්මක නොවන බවත් ඒ වෙනුවට නිලවරණය කැඳවීමකින් තොරව එහි දීර්ඝ කාලයක් තිස්සේ රැඳී සිටින බව කියන නිලධාරීන් පිරිසක් ඔවුන්ට අවශ්‍ය පරිදි නීති රීති සම්පාදනය කරමින් විනිසුරු සංගමය පවත්වා ගෙන යාමට පෙළඹී සිටින බවටත් චෝදනා නැගේ.
එය එල්ලේ සම්මේලනයේ වයවස්ථාවටත් පටහැනි ක්‍රියාවක් බවට වැඩිදුරටත් චෝදනා නැගේ.එල්ලේ තරගමාලා සදහා විනිසුරුවන් නිර්දේශ කිරීම, අයැදුම්කරුවන් එල්ලේ විනිසුරු ධූරයට සමත් කෙරෙන විභාග, පාඨමාලා හා වැඩසටහන් මෙහෙයවීමත් ප්‍රධාන වශයෙන් එල්ලේ විනිසුරු සංගමයට පැවැරී තිබෙන කාර්්‍යයන් වෙයි.
කෙසේවූවත් එම නිර්දේශ කිරීම් බොහෝමයක් මේ වන විට සිදු වන්නේ සංගමයේ ඇතැම් නිලධාරීන්ගේ හිතවත්කම් හා වුවමනාවන් මත බැවින් සුදුස්සන්ගේ අවස්ථාව අවමවී නුසුදුස්සන් ඉදිරියට පැමිණ සිටින බවත් ඔවුහු පවසති.
වසර කීපයක් තිස්සේ නියමිත නිල කාලය ඉක්මවා කටයුතු කරමින් සිටින බව කියන එල්ලේ විනිසුරු සංගමයේ වත්මන් විධායක සභාව එල්ලේ සම්මේලනයේ වත්මන් පරිපාලනය බිද වැටීම ප්‍රයෝජනයට ගනිමින් මෙම අනිසි හැසීරීමේ නිරතව සිටින බවටත් චෝදනා කරන්නෝ පවසති.
කෙසේවූවත් එල්ලේ සම්මේලනය අයාලේ යාමේ වත්මන් තත්වය තුළින්ද එල්ලේ විනිසුරු සංගමයෙන් බැහැරව තරගාවලි සදහා එල්ලේ විනිසුරුවන් ලබා ගැනීමට තරග සංවිධායකයන් පෙළඹී සිටින බවද පැවැසේ.ඒ හේතුවෙන් නුසුදුස්සන් රැසක් මේ වන විට එල්ලේ විනිසුරුවන් ලෙස කටයුතු කරති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.