Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එල්ලේ සම්මේලනයට මූලස්ථානයක් හදනවා

එල්ලේ සම්මේලනයට මූලස්ථානයක් හදනවා

editorial - 2020 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(වත්තල සරත් චින්තක)

එල්ලේ සම්මේලනයට හොඳ භාණ්ඩාගාරයක් ඇති කිරීමටත්, ස්ථිර ගොඩනැගිල්ලක් තනාදීමත් තම අරමුණ බව ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නව සභාපති ජයතිස්ස රුද්‍රිගු මහතා පැවසීය. එල්ලේ සම්මේලනයේ කටයුතු කරගෙන යෑමට ප්‍රමාණවත් මුල්‍ය පහසුකම් නොමැතිවීම හා රැස්වීමක් පැවැත්වීමට ස්ථිර ගොඩනැගිල්ලක් නොමැතිකම නිසා විවිධ දුෂ්කරතාවලට පත්ව සිටින බවද ඒ මහතා කීය.

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නව සභාපතිවරයා වශයෙන් නිතරගයෙන් පත්වීමෙන් පසුව ජයතිස්ස රුද්‍රිගු මහතා එසේ කීවේය.  

“බොහෝ එල්ලේ ක්‍රීඩකයන් බිහිවී තිබෙන්නේ බෝපිටිය පමුණුගම ප්‍රදේශයෙන්. මගේ පියාත්, හිටපු එල්ලේ ක්‍රීඩකයෙක්. මමත් එල්ලේ ක්‍රීඩකයෙක්. එම නිසා පමුණුගම ප්‍රදේශයේම එල්ලේ සම්මේලනය සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් හදනවා. මම මගේ ධුර කාලය නිමවා සමුගන්නා විට සම්මේලනය හොඳ මුල්‍ය පසුබිමක් සකසා යන්නේ.“

“එල්ලේ ඉතිහාසයේ එල්ලේ තරගවල ජයග්‍රාහකයන්ට වැඩිම මුදල් ත්‍යාග ලබා දුන්නේ මමයි. දිවා රාත්‍රි එල්ලේ තරගාවලි පටන් ගත්තේ මමයි. මීට මාස කිහිපයකට ඉහතදී ජාඇල මා විසින් සංවිධානය කළ එල්ලේ තරගාවලියේ ජයග්‍රාහකයින්ට මම රුපියල් ලක්ෂ දෙකක ත්‍යාග මුදලක් පිරිනැමුවා.

ඒවගේ ඉදිරියටත් එසේම කරනවා. එවිටයි ක්‍රීඩකයින් එල්ලේ ක්‍රීඩාව තුළ රැඳී සිටින්නේ“ යයිද ජයතිස්ස රුද්‍රිගු මහතා කීවේය. 


අදහස් (0)

එල්ලේ සම්මේලනයට මූලස්ථානයක් හදනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.