Last Update  :  2024-12-26 15:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඒඩෙක්ස් ක්‍රීඩා උළෙලෙන්

ඒඩෙක්ස් ක්‍රීඩා උළෙලෙන්

editorial - 2024 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ජායිපූර් ආයතනයේ කෘතිම පාද, කෘතිම අත් සහ කැලිපර්ස් උපකරණ පළඳින්නන්ගේ ක්‍රීඩා උළෙල ‘ඒඩෙක්ස් 2024’ ඊයේ (8 වැනිදා) කොළඹ රයිෆල් ග්‍රීන් ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 

වසර 193 ක ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ අසරණ සරණ සමිතිය 32 වැනි වරට සංවිධානය කළ මෙම ක්‍රීඩා උළෙල සඳහා දිවයින පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 400 ක් පමණ සහභාගී වූහ. 

පිරිමි සහ කාන්තා බයිසිකල් පැදීමේ තරගයෙන් මෙම ක්‍රීඩා උළෙල ආරම්භ වූ අතර ඉන් අනතුරුව මීටර් 50 සහ 100 ධාවන තරග, යගුලිය විසිකිරීම, කවපෙත්ත විසිකිරීම, දුර පැනීම, දුන්නෙන් විදීම සහ රෝද පුටු වැනි ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් 66 ක් එහිදී පැවැත්විණ. 

තරගාවලියට සහභාගි වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කමිසයක් සහ තොප්පියක් ලබාදීම සඳහා ඩෙල්මා තේ සමාගම ඉදිරිපත් වී සිටි අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උදෑසන ආහාරය, තේ පානය සහ දිවා ආහාරය සැපයීමට සංවිධායකයන් කටයුතු යොදා තිබිණ. 

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි  


අදහස් (0)

ඒඩෙක්ස් ක්‍රීඩා උළෙලෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.